Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතා කල ගුරු-විදුහල්පති රැසකට කොරෝනා.. තවත් පිරිසක් මිය ගිහින්…

  මෑතකදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යා...

 


මෑතකදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කරයි.

තවත් ගුරුවරුන් පිරිසක් වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇතැයිද ඇය පවසයි.

ආණ්ඩු විරෝධී වෘත්තිය සමිති විසින් සංවිධානය කළ මෙම විරෝධතා නිසා විපතට පත් ගුරු පිරිස්වල වගකීම එම වෘත්තිය සමිති නායකයන් බාරගත යුතු යැයි ද පැවසූ ඇය එම නායකයන් අද වන විට අතුරුදහන් වී ඇතැයි ද කියා සිටියාය.

පවත්වන ලද ගුරු විරෝධතා හේතුවෙන් නැවත වතාවක් රට තුළ කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වූ බවටද ඇය චෝදනා කරයි.

ආණ්ඩු විරෝධී ලෙස කටයුතු කිරිමට කෝටි 85ක මුදලක් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ගුරු සංගම් වල ඇතැම් නායකයන්ට සහ ප්‍රසිද්ද හිමි නමකට ලැබුණු බවට වාර්තා පළ වූ බවද ඇය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

lankacnews

1 comment

  1. මේ පොහොට්ටු බඩුව බොරුවෙන් රට රවටනවා

    ReplyDelete

Ads Place