Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උත්සව සමයේ පමුණුවේ සිටි ගැට කපන්නන් 125ක් අත්අඩංගුවට: ඒ අතර කාන්තාවන් 15ක්

උත්සව සමය වෙනුවෙන් රෙදි පිළි මිලදී ගැනීම සඳහා මහරගම පමුණුවට පැමිණෙන ජනතාවගේ දේපල හා මුදල් කොල්ලකෑ ගැටකපන්නන් එකසිය විසි පස් දෙනෙකු පමණ පසුගි...


උත්සව සමය වෙනුවෙන් රෙදි පිළි මිලදී ගැනීම සඳහා මහරගම පමුණුවට පැමිණෙන ජනතාවගේ දේපල හා මුදල් කොල්ලකෑ ගැටකපන්නන් එකසිය විසි පස් දෙනෙකු පමණ පසුගිය දින කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා.

ඒ අතර කාන්තාවන් පහළොස් දෙනෙකු පමණ සිටින බවයි පොලීසිය පවසන්නේ.

මොවුන් කණ්ඩායම් ලෙස පැමිණ සැලසුම් සහගතව රෙදි පිළි මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාව රවටා ඉතා සූක්ෂම ලෙස ඔවුන්ගේ රෙදි පිළි හා මුදල් පසුම්බි කොල්ලකා පලායාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබූ බවත් ඇතැමුන් දුර පළාත්වල සිට පැමිණීම නිසා පොලිසියේ පැමිණිලි කර නොතිබූ බවත් සඳහන්.

එහෙත් ලද පැමිණිලි වලට අනුව සැකකටයුතු ලෙස රැඳී සිටි කාන්තාවන් 15 දෙනෙකු ඇතුළු 125 පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට අමතරව ආවේශන රාජකාරියෙන් හා නිල ඇඳුමින් මහරගම නගරය හා ඒ අවට පැය 24 පුරා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් රාජකාරියේ යොදවා ව්නාඩී විස්සකට වරක් ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් පවසන පොලිසිය යම් සිදුවීමක් වෙතොත් හැකි ඉක්මනින් පොලිසියේ පැමිණිලි කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ දිනවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෙදි පිළි මිලදී ගැනීම සඳහා මහරගම පමුණුවට පැමිණෙන අතර දවසේ පැය 24 පුරා ගනුදෙනු සිදුවීමෙන් මෙසේ ගැටකපන්නන් වැඩිවී ඇති නිසා නන්නාදුනන පුද්ගලයින් ඉදිරිපිට දී මුදල් පසුම්බි වැනි දෑ භාවිතා නොකරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේම මිලදී ගන්නා යම් භාණ්ඩයක් වෙතොත් ඒවා නොහඳුනන පුද්ගලයින් භාරයේ තබා බැහැරට නොයන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

No comments

Ads Place