Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටිය නම් කවුරුත් පොදු අපේක්ෂකයෙක් ගැන කතාකරන්නේ නැහැ - දේවානන්දා

   කොටි නායක ප්‍රභාකරන් ජීවතුන් අතර සිටිය නම් උතුරේ දේශපාලඥයන් පොදු අපේක්ෂකයෙකු ගැන කතා කිරීමටවත් නොසිතනු ඇති බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද ම...

  


කොටි නායක ප්‍රභාකරන් ජීවතුන් අතර සිටිය නම් උතුරේ දේශපාලඥයන් පොදු අපේක්ෂකයෙකු ගැන කතා කිරීමටවත් නොසිතනු ඇති බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.

දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට උතුරේ පාර්ශවයන් විසින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

තමන් මෙම යෝජනාව හරි හෝ වැරදි යැයි නොකියන බවත් යෝජනාවේ කිසිදු සත්‍යවාදී බවක් පෙනෙන්නේ නැති බවද ඔහු කියා සිටියේය.

උතුරේ ඇතැම් දේශපාලඥයන් ජනතා ප්‍රශ්න විසඳනු වෙනුවට තම ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් එම ගැටලු එසේම පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළේය.

ඒ ආකාරයෙන්ම පොදු අපේක්ෂක යෝජනාව පසුපස යම් යටි අරමුණක් තිබිය හැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මඩකලපුවේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

No comments

Ads Place