Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනය,වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කොවිඩ් නිසා මරුට

කොවිඩ් ආසාදිතව යාපනය මන්දිකෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය,වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කේ.කරුණානන්දරාසා අද(11) උදැසන ජිවිතක්ෂයට...


කොවිඩ් ආසාදිතව යාපනය මන්දිකෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය,වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කේ.කරුණානන්දරාසා අද(11)

උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් හා වැල්වැටිතුරෙයි පොලිසිය පවසනවා.


මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොවිඩ් ආසාදිත නගරාධිපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා යොමුකොට සිටිබවයි.


නගරාධිපතිවරයගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ නිළධාරීන් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී .සී .ආර් පරීක්ෂාවන්ට යොමු කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසුවා.


ජිවිතක්ෂයට පත්වු වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්වුණා.

nethnews

No comments

Ads Place