Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු වසයි

  කොළඹ 01 සර් බාරොන් ජයතිලක මාවත, ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ මහජන සබඳතා කවුළු අ...

 


කොළඹ 01 සර් බාරොන් ජයතිලක මාවත, ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ මහජන සබඳතා කවුළු අද (11) සිට ලබන 20 වැනිදා දක්වා වසා තැබෙන බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


එහි සේවයේ නියුතු නිලධාරින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරුවීම නිසා එම ගොඩනැගිල්ලෙහි පිහිටි මහජන සබඳතා කවුළු මෙසේ වසා තැබෙන බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි ඒ.ජි.යූ තිලකරත්න මහතා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.


කෙසේ වෙතත් සාමාජිකයින්ට හා සේවායෝජකයන්ට සියලු සේවාවන් දුරස්ථව සැලසීමට කටයුතු යොදා තිබෙන අතර වැඩිදුර තොරතුරු සඳහා www.epf.lk යන වබ් අඩවියට වෙත පිවිස දැනගත හැකි අතර ඒ සම්බන්ධයෙන් වන සියලු විමසීම් සඳහා 0112 206 690 - 94 දක්වා වන දුරකථන අංකය ඇමතීමෙන් දැන ගත හැකි බවද සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව කියා සිටී.

lakadeepa news paper

No comments

Ads Place