Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රූබල් සොයා ගිය ගමනේ මෙරට සොල්දාදුවන් 17ක් සීල් පෙට්ටි වල.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන්නේ රුසියානු – යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන් ...


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසන්නේ රුසියානු – යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන් ලෙස එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර ඉන් වැඩි පිරිසකගේ සිරුරු හෝ දැක ගැනීමට නොහැකි ලෙස විනාශ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකුගේ ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදායින් පසු ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් නොමැති අතර නිවැසියන්ට අවසන් දුරකථන ඇමතුම ලබාදී තිබුණේ පසුගිය මාර්තු මස 29 වනදා බවයි.

ඒ අතරින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වූ පදවිය ප්‍රදේශයේ පදිංචි අසංක චන්දන පසුගිය පෙබරවාරි මස 12 වනදා රුසියාව වෙනුවෙන් යුද වැදීම සඳහා රුසියාව බලා පිටත්වූ බව ඔහුගේ ඥාතීන් පවසයි.

එමෙන්ම මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික කොමාන්ඩෝ නිලධාරියෙකු වන ප්‍රදීප් චන්දන ද පෙබරවාරි මස 12 වනදා රුසියාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහුද මාර්තු මස 29 වැනිදායින් පසු නැවත කිසිදු ඇමතුමක් හෝ තොරතුරක් ලබා දී නොමැති බව සඳහන්.

No comments

Ads Place