Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට ප්‍රථම වතාවට “අයිස්” හැදූ දේශීය රසායනාගාරයක් වටලයි.!

  යාපනය, සුන්නාගම්, ඉනුවිල් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කළ රසායනාගාරයක් වටලා ඇති බව පොලීසිය පවසයි. පොලිස් අපරාධ නිවාරණ ඒකකයට ලැබ...

 

යාපනය, සුන්නාගම්, ඉනුවිල් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කළ රසායනාගාරයක් වටලා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් අපරාධ නිවාරණ ඒකකයට ලැබුණු තොරතුරක් මත පෙරේදා (12) යාපනය පොලිස් නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී එම රසායනාගාරයේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළේය.

එම නිෂ්පාදනාගාරයේ මහමොලකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.

නිවසක් තුළ ඉතා රහසිගත අන්දමින් මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, පොලීසිය පැවසූවේ රජයේ රසායනික විශ්ලේෂකයින් ගෙන්වා මෙහි වැඩිදුර විශ්ලේෂණ කටයුතු සිදුකිරීමට නියමිතව බවයි.

No comments

Ads Place