Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් පලා ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ බිහිසුනු අත්දැකීම.!

මෙරට මිනිස් ජාවාරම්කරුවන් විසින් රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස යවන ලද 06 දෙනෙකු දැනට මියගොස් ඇති බව විමර්ශන මගින් අ...


මෙරට මිනිස් ජාවාරම්කරුවන් විසින් රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස යවන ලද 06 දෙනෙකු දැනට මියගොස් ඇති බව විමර්ශන මගින් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

මිනිස් ජාවාරම්කරුවන් හරහා කුලී හේවායන් ලෙස රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් ගොස් ඉන් පැන ආ ලාංකිකයින් දෙදෙනකු මෙරට ප්‍රධාන රූපවාහිනී නාලිකාවකට තම අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, රුසියානු – යුක්‍රේන යුද්ධය මතුපිටින් පෙනෙනවාට වඩා දරුණු වූද අමානුෂික වූද එකක් බවයි. යුද බිමේදී තුවාල සිදුවන සාමාජිකයින් පවා නැවත හරවා ඉදිරියට යැවීමට තරම් එය කුරිරු බව ඔවුන් පැහැදිලි කළෝය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ, ආර්ථික ගැටලු හේතුවෙන් තමන් එවැනි තීරණයක් ගත් නමුත් එවැනි තීරණයක් ගැනීම සම්පූර්ණ සියදිවි නසාගැනීමක් බව යි. කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාර වලින් තමන් තුවාල ලැබූ බවත් පසුව රෝහල් ගතවීමෙන් පසුව පලා විත් ජීවිතය බේරාගත් බවත් පැවසූ ඔවුන් කියා සිටියේ මෙරටදී ලද යුධ අත්දේකීම් සහ උපක්‍රම භාවිතයෙන් තම ජීවිතය බේරාගත් බවයි.

කෙසේ වෙතත් රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා මෙරට පිරිස් සම්බන්ධ වී ඇති බව පළමුවරට වාර්තා වූයේ, යුක්‍රේනය වෙනුවෙන් සටන් කළ කපිතාන් රනීෂ් හේවගේ රුසියානු ප්‍රහාර හමුවේ මියයාමත් සමඟය.

No comments

Ads Place