Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රු. ලක්‍ෂයක් වටිනා බල්ලෙකුට වෙඩි තබා මරලා හංගලා

  ලයන් ෂෙපර්ඞ් වර්ගයේ සුනඛයකුට වෙඩි තබා ඝාතනය කර සඟවා තබා ඇතැයි යන පැමිණිල්ලකට අනුව ගම්පොළ පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.    වයස අවුරුදු 3 ක් ව...

 


ලයන් ෂෙපර්ඞ් වර්ගයේ සුනඛයකුට වෙඩි තබා ඝාතනය කර සඟවා තබා ඇතැයි යන පැමිණිල්ලකට අනුව ගම්පොළ පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.    වයස අවුරුදු 3 ක් වන රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා තම සුරතල් සුනඛයාට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පැමිණිලි කර ඇත්තේ ගම්පොළ අම්බුළුවාව මාර්ගයේ සිංහාපිටිය එකේ කණුව ප‍්‍රදේශයේ පදිංචි කැළුම් මධුවන්ත මෙන්ඩිස් යන අය බව පොලිසිය පවසයි.    මෙම පැමිණිලිකරුගේ සුනඛයා දැනට සති දෙකක සිට අතුරුදන්ව ඇති අතර එම සතා සොයමින් සිටියදී එම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු පවසා ඇත්තේ එම සුනඛයාට වෙඩි තබා අතහැර ඇති පාළු ළිඳකට දමා වසාදමා ඇති බවය. මෙම තොරතුරු සපයා ඇත්තේ එම සැකකරුවාගේ වගා බිමේ වැඩකරන කම්කරුවකු බවද ඔහු පැවසීම නිසා සුනඛයා හිමි තැනැත්තා එම වතු සේවකයාගෙන් විමසා තිබේ.    එහිදී හෙළි වූ කරුණු මත සුනඛයාගේ හිමිකරුවා මේ බව ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබේ.

noizetv

No comments

Ads Place