Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාව භේද-භින්න වුණේ දේශපාලකයන් නිසයි – කොළඹ අගරදගුරු

නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියකු බවට පත් කර රටේ ජනතාව භේද-භින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවූ දේශපාලකයන් වගකිව යුතු බව කොළඹ...


නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියකු බවට පත් කර රටේ ජනතාව භේද-භින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවූ දේශපාලකයන් වගකිව යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.


උන්වහන්සේ පෙන්වා දෙන්නේ රට තුළ පවතින ගැටලු විසඳා ගැනීමට රටේ සෑම පාර්ශ්වයක්ම එක්ව කටයුතු කළ යුතු බවය.


73වැනි නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහෙය ඊයේ (04) පැවැත් වුණේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදීය.


“රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සාහ කරන්නට අපට බැහැ. පසු ගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවලට ණය කාරයෙක් බවට පත් කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන් කළ වැරැදි මාර්ග නිසයි. ඒ වගේම මේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථා කරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇති කළේ අපේම නායකයෝයි.” යැයිද කීහ.

No comments

Ads Place