රුපියල අද වන විට ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් බවත්, වැඩි කලක් යාමට පෙර එය වෙනස් වන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්...

රුපියල අද වන විට ශක්තිමත් වී ඇත්තේ කෘතිම පාලනයක් හේතුවෙන් බවත්, වැඩි කලක් යාමට පෙර එය වෙනස් වන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
විදෙස් රටවලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් ශ්‍රී ලංකාවට ඉහළ පොලියක් යටතේ ලබාගත් බවද, ඒ හේතුවෙන් මෙසේ රුපියල ශක්තිමත් වී ඇති බවද පවසන හිටපු මහ බැංකු අධිපතිවරයා, එම මුදල් සඳහා 25% ක ඉතා ඉහළ පොලියක් ගෙවමින් ඇති බවද සඳහන් කරයි.
පසුගිය මාස තුනේ දී පමණක් රුපියල, හැත්තෑවකින් පමණ අධි ප්‍රමාණය වී ඇති බවත් එහි වාසිය ගොස් ඇත්තේ වෙන කිසිවකුට නොව එම ඩොලර් ලබා දුන් පුද්ගලයන් පිරිසට පමණක් බවත් ඒ මහතා සඳහන් කරයි.
මෙතරම් ඉහළ වාසියක් වෙන අවස්ථාවක එසේ මුදල් ලබා දෙන පුද්ගලයන් ජාත්‍යන්තරයේ සිටින බවද, ඔවුන් එම වාසිය ලබාගෙන නැවතත් එම මුදල් ආපසු ගෙන ගිය පසුව ඇති වන ඵලවිපාක වලට මෙරට ජනතාවට විඳීමට සිදුව ඇති බවද හෙතෙම පවසයි
No comments