Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වව්නියාව සමලන්කුලමේ බෞද්ධ පුරාවිද්‍යා රක්ෂිතයක කෝවිලක් ඉදිකරන්න පුරාවිද්‍යා කොමසාරිස්වරයා අවසර දීලා..

  රටක පුරාවිද්‍යා උරුමය සුරක්ෂිත කිරීමේ අති සංවේදී ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත්, එහෙත් වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

 


රටක පුරාවිද්‍යා උරුමය සුරක්ෂිත කිරීමේ අති සංවේදී ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත්, එහෙත් වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන්නේ ඊට පටහැනිව බවත්, පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද මහතා පවසයි.

වව්නියාව සමලන්කුලම ප්‍රදේශයේ අක්කර 3ක පමණ ඉපැරැණි බෞද්ධ ආරාම ගොඩනැගිල්ලක් මත 1978 දී බලහත් කාරයෙන් කෝවිල් සභාව විසින් කෝවිලක් ඉදිකළ බවද, මෑත කාලයේ එම කෝවිල් සභාව විසින් නැවත එම ස්ථානයේ කෝවිලක් සෑදීමට ඉල්ලීම් කළ බවද පවසන බෝධිනන්ද මහතා, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊට ලිඛිත අනුමැතිය ලබාදී ඇති බවට චෝදනා කරයි.

බෞද්ධ ආරාම සංකීර්ණයේ නටඹුන් මත මෙම කෝවිල අඩි 30ක් උසට ඉදිකිරීමට අවසරය ලබාදී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

No comments

Ads Place