Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

LTTE සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් LTTE  සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා.  එරට ස්වදේශ කටයුතු ලේ...


දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් LTTE  සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. 


එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ 2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේයි. 


ඒ, තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ තීන්දුවෙන් අනතුරුවයි.


 ඒ අනුව මෙම තීරණය මඟින්, බ්‍ර්තාන්‍ය තුළ LTTE සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා LTTE  හිතවාදී සංවිධානයකින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.


යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක මෙන්ම, බ්‍රිතාන්‍ය ද එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතිනවා. 


එම රටවල් මෙම තහනම පනවා ඇත්තේ සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් ඉලක්ක කරගත් මෙම කණ්ඩායමේ කෲරත්වය සහ සාහසිකකම්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වීම සහ ගෝලීය හා කලාපීය ආරක්ෂාවට බලපාන වෙනත් අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන්.


එල්ටීටීඊ තහනම ලොව පුරා අඛණ්ඩව රඳවා තබා ගැනීම, එහි ජාත්‍යන්තර ජාලය හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීම, ප්‍රචණ්ඩ අන්තවාදය කරා තරුණයින් රැඩිකල්කරණය කිරීම සහ ජනවාර්ගික අසමගිය ඇති කිරීම සහ ඔවුන් ක්‍රියාශීලීව සිටින සෑම රටකම සාමූහික ජීවිතය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරන එම කණ්ඩායමේ අවශේෂ කොටස් විසින් එල්ල කෙරෙන අඛණ්ඩ තර්ජනය හඳුනා ගැනීමක් ලෙස බ්‍රිතානයේ මෙම තීරණය සැලකෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. 


එම නිවේදනයේ දැක්වෙන්නේ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී, බ්‍රිතාන්‍ය ය සහ සියලු රජයන් සමඟ පවතින හවුල්කාරිත්වය ශ්‍රී ලංකා රජය අගය කරන බවයි. 


පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනය කරන සහ ගෝලීය හා කලාපීය සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය අවම කිරීම සඳහා බ්‍රිතාන්‍යය සමඟ කටයුතු කිරීම සඳහා කැපවී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩි දුරටත් පවසනවා.

nethnews

No comments

Ads Place