Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ටොයෝටා ලංකා වාහන ආනයනය අරඹයි.. 2024 KDH එකක් කෝටි එක හමාරයි.!

  මෙරට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ මීට වසර 4කට පෙර නවතා දැමූ වාහන ආනයන කටයුතු යලි ආරම්භ කරමින් ටොයෝටා ආයතනයේ මෙරට නියෝජිත සමාගම (Toyota L...

 



මෙරට මුහුණදුන් ආර්ථික අර්බුදය හමුවේ මීට වසර 4කට පෙර නවතා දැමූ වාහන ආනයන කටයුතු යලි ආරම්භ කරමින් ටොයෝටා ආයතනයේ මෙරට නියෝජිත සමාගම (Toyota Lanka) පළමු වාහන තොගය මෙරටට ගෙන්වා තිබේ.

රජය විසින් නිර්දේශ කළ කොන්දේසි වලට යටත්ව මෙරටට ආනයනය කර ඇති බස් සහ වෑන් රථ අලෙවි කිරීම සඳහා එම සමාගම වෙළෙඳ දැන්වීම් කිහිපයක්ද ප්‍රචාරය කර තිබේ.

එසේ ආනයනය කළ KDH වෑන් රථ ඇතුළු වාහන වල ආරම්භක මිල රුපියල් කෝටි එක හමාරක් ලෙස එම දැන්වීම් වල සඳහන් වේ.

මේ වනවිට වසර දහයකට ආසන්න පැරණි KDH කාණ්ඩයේ වෑන් රථ කෝටි 2කට ආසන්න මිළකට මෙරට වෙළෙඳපොළ තුල විකිනෙන පසුබිමක මෙරට ජනතාවට පාවිච්චි නොකළ වාහනයක් ඊට අඩු මිළකට හිමි කරගැනීමේ හැකියාව ලැබෙනා අතර එම වාහන සඳහා වසර 3ක හෝ කිලෝමීටර් ලක්ෂයක නිෂ්පාදන වගකීමක්ද හිමිවන බව ටොයෝටා ලංකා ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

No comments

Ads Place