Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන ඇදිරි නීතිය ගැන අවසන් තීරණය අද

මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතයි.  ඒ, ජනාධිපති ගෝඨාභය රා...


මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතයි. 

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීයි. අද පෙරවරු 11 ට එම රැස්වීම පැවැත්වීමට නියමිතයි. 


වෙනදා මෙන් නොව අද පැවැත්වෙන මෙම රැස්වීම සූම් තාක්‍ෂණය ඔස්සේ අන්තර් ජාලය ඔස්සේ පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ. 


ඒ, ඉකුත් සතියේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමට සහභාගි වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනයවීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින්. 


මේ අතර තවදුරටත් නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කරනවාද ?, එසේත් නැතිනම් එය ඉවත් කරනාවාද යන්න සම්බන්ධයෙන් නිවැරදි තීරණය ගත යුත්තේ මේ මොහෝතේ ඇති නිවැරදි දත්ත මත පමණක්ම පදනම්ව බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. 


එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නෙත් නිවුස් වෙත කියා සිටියේ එහි පූර්ණ වගකීම වසංගත රෝග විද්‍යා ඒකකයට පැවරෙන බවයි.


මේ වන විට රටේ කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ තීන්දු තීරණ ගැනෙන්නේ කුමන දත්ත පදනම්වදැයි ගැටළුවක් පවතින බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ වනවිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති අතර එය ලබන සදුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. 

nethnews

No comments

Ads Place