Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මන්ත‍්‍රී එන්නත් මධ්‍යස්ථානයේදී ග‍්‍රාමසේවකට තර්ජනය කර පන්නා දමයි..

  එන්නත්කරණ මධ්‍යස්ථානයක දි තම සාමාජිකයෙකුට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු හා පිරිසක් සිදු කළ අවමානය සම්බන්ධයෙන් නිසි සාධාරණ විමර්ශනයක් සිදු ...

 


එන්නත්කරණ මධ්‍යස්ථානයක දි තම සාමාජිකයෙකුට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු හා පිරිසක් සිදු කළ අවමානය සම්බන්ධයෙන් නිසි සාධාරණ විමර්ශනයක් සිදු කරණ ලෙසට ඉල්ලා දිසාවේ සියළුම ගල්‍රාම නිලධාරිිවරුන් 01දා පස්වරුවේ සියළු එන්නත්කරණ කටයුතු වලට සහය ලබා දීමෙන් වැළකී සිටි බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්වරුන්ගේ සංගමයේ සභාපති දිලංක සේනනායක මහතා පැවැසීය .

කොස්වාඩිය සරස්වති විද්‍යාලයිය එන්නත් කරණ මධ්‍යස්ථානයේ මේ මස 31 වන දින පැවැති එන්නත් කරණ වැඩ සටහන අතරතුර නැගෙනහිර හාල්පන්විල වසමේ ග්‍රාම නිලධාරිවරයා එම මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ දි එහි රැදි සිටි නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ඇතුළු පිරිසක් ග්‍රාම නිලධාරිවරයාට බැන අපහස කර තර්ඩනය කරමින් පලවා මැර ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාරවිල පොලිසියට ද පැමිණිළි කර ඇති බවත් සේනානායක මහතා කිය.

එම පැමිණිල්ල අනුව නිසිි පරික්ෂණයක් අපක්ෂපාතිව සිදු කරන්නේදැයි තකම සංවිධානය නොසිතන බවත් ඒ අනුව එම පරික්ෂන නිසි ලෙසින් සිදු කර මින් ඉද්රියට මෙවන් සිදුවීම් නොවන ලෙසට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් තම ශාඛාවට අයත් ග්‍රාම නිලදාරින් 490 ක් පමණ 1 දා පස්වරු සිට සියළු එන්නත් කරණ කටයුතු වලින් ඈත්ව සිටිමට පියවර ගත් බවත් කීය.

මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි මාරාවිල පොලිසියේ උසස් නිලධාරියෙකු සදහන් කර සිටියේ හාල්පන්විල ග්‍රාම නිලධාරිවරයා විසින් කරණ ලද පැමිණිල්ල අනුව වහාම පරික්ෂණයක් සිදු කළ අතර මේ සම්බන්ධයෙන් සමත මණ්ඩලයෙහි නඩු පවරන බවත් සිදු කළ පරික්ෂණය අනුව ග්‍රාම නිලධාරයා වරයා විසින් කොස්වාඩිය වසමෙන් බැහැර නැගෙනහිර හාල්පන්විල වසමේ 120 ක පමණ පිරිසකට එන්නත් ලබා දිමට ගිය අවස්ථාවේ දි එහි සිටි තරුණ පිරිසක් ග්‍රාම නිලධාරිවරයාට බාධා කළ බව හෙළි වු බවත් කෙසේ හෝ එම එන්නත් මධයස්ථයේ සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ග්‍රාමනිලධාරි ගෙන ආ සියළු දෙනාට එන්නත් ලබා දි ඇති බව අනාවරණය වු බවත්ය.

lankacnews

No comments

Ads Place