Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආවා කල්ලි ප්‍රහාරයේ ඝාතන සිද්ධියට නායකයා ඇතුලු 08 ක් අත්අඩංගුවට…

  යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ල...

 


යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී පසුගියදා ආයුධ කල්ලි ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ ආයුධ කල්ලි නායකයා ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලිසිය පවසයි.

අදාල ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සහ යුදහමුදාව බුද්ධි අංශය විසින් සිදුකරන ලද පරික්ෂණයන් තුලදී ස්ථාන කිහිපයකින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන විනෝදන්ද වන බවට පොලීසිය සැක පල කර සිටියි.

මේ අතර අත්අඩංගුවට පත්ව සිටින පිරිසෙන් පොලිස් පරික්ෂණ සිදුකෙරෙන අතරතුරදී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු පොලීසියට භාර වී ඇත.

අගෝස්තු 22 වනද රාත්‍රියේ ගුරුනගර් මුහුදු මාර්ගය අසලදී තියුණු ආයුධගත් පිරිසකගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව 24 වනදා අලුයම එක් අයෙකු මිය ගොස් තිබුණි.

මෙම ප්‍රහාරය ඇතුලු යාපනය දිස්ත්‍රීක්කයේ පසුගිය දිනයන්හි සිදුවූ ප්‍රචණ්ඩකක්‍රියා රැසකට දායක වූ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කන්කසන්තුරය, තෙලිප්පලෙයි, චුන්නාකම්, කෝපායි ආදි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place