Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වියත්මග ඩිජිටල් ෂෝවලින් සුරපුරයක් මැවුවා… ජනතාවට කැදත් නැතිකරලයි පස්ස බලන්නේ…

  ‘වියත්මග ඩිජිටල් ෂෝ පෙන්වා සුරපුරයක් මවා පෙන්නුවා. ආණ්ඩුව ඉදිරියේ මේ යන විදිහට ජනතාවට කැදත් නැතිකරලයි පස්ස බලන්නේ’ යයි සමගි ජන බලවේගය මේන්...


 ‘වියත්මග ඩිජිටල් ෂෝ පෙන්වා සුරපුරයක් මවා පෙන්නුවා. ආණ්ඩුව ඉදිරියේ මේ යන විදිහට ජනතාවට කැදත් නැතිකරලයි පස්ස බලන්නේ’ යයි සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

‘වියත්මග ගෙනැල්ල, ඩිජිටල් ෂෝ දාල සුර ලෝකයක් මවල පෙන්නුවා. අපි ආවම සල්ලි ප්‍රශ්නයක් නෑ කිව්වා. සල්ලි හොයාගන්න හැටි අපි දන්නවා කිව්වා.

හැබැයි, අද සීනි කිලෝ එකක්, කිරිපිටි පැකට් එකක්, ගෑස් සිලින්ඩරයක් ගන්න පෝලිමේ යන්න වෙලා.

හදිසි නීතිය දාල, හමුදා නිළධාරීන් දාල අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළ හසුරුවන්න බැරිබව මේ ආණ්ඩුව දැනගන්න ඕන. වෙළෙඳපොළක් මිලිටරිය දාල පාලනය කරන්න බෑ. ඒ විදිහට සහල් මාෆියාව පාලනය කළාද?

ඉස්සරහටත් එහෙම තමයි. මේ ආණ්ඩුවේ මේ ආර්ථික මොඩලයෙන් ජනතාවට කැඳත් නැතිවෙන හැඩක් තියෙන්නේ’

VIDEO

lankacnews

No comments

Ads Place