Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු

  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 10 දෙනෙකුට සහ පොලිස් අධිකාරීවරයෙකුට පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවීම් ලබා දි තිබෙනවා. ඒ, සේවයේ අවශ්‍යතාව මත...

 


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 10 දෙනෙකුට සහ පොලිස් අධිකාරීවරයෙකුට පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවීම් ලබා දි තිබෙනවා.


ඒ, සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදියි.


ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ද වනවා.


නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මාරුකර යවා ඇත්තේ අධිකරණ ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසයි.


පොලිස්පති ලේකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නට සේවස්ථ පුහුණු කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

nethnews

No comments

Ads Place