Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්දගේ මුදල් ඇමතිකම බැසිල්ට දෙයි.. අද හෙටම තෙල් මිල අඩු කරන්න බැරිවෙයිලු.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල් අමාත්‍ය ධූරය ස්වෙච්චාවෙන්ම න්ම බැසිල් රාජපක්ෂ මහතා වෙත භාර දීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍...


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල් අමාත්‍ය ධූරය ස්වෙච්චාවෙන්ම න්ම බැසිල් රාජපක්ෂ මහතා වෙත භාර දීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

පවතින ආර්ථික තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කිරීම අද හෙටම සිදු කිරීමට නොහැකි වුවත් ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

සෞභාග්‍යා  ගම්මාන  ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මිනුවන්ගොඩ යාගොඩමුල්ල රසකැවිලි නිෂ්පාදන ගම්මානය විවෘත කිරීම අද (07) පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  අතින් සිදුකෙරුණු අතර එහිදී මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පවතින වාතාවරණය තුළ  ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ජනාධිපති වරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ   සුසංයෝගය විශාල ශක්තියක් වනු ඇති බවයි.

සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ නව ගම්මාන 500ක් ඉදිකෙරෙන අතර එක් ගම්මානයක් සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන  10කි.  ඒ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන හතළිහක් ඉදි කිරීමට නියමිතව තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා –

බැසිල් රාජපක්ෂ මහතා හෙට දවසේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. දැනට අපි දන්න විදිහට එතුමාට මුදල් ඇමැති ධුරය ලැබෙන්න නියමිතයි.

ජනාධිපතිතුමා අගමැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා සාකච්ඡා කරලා මේ තීරණය අරන් තියෙන්නේ කිසිම ඇමතිවරයෙක්ගේ අමාත්‍යංශ වල කොටස්  භාරගන්නෙ නැහැ කියන පදනම මතයි.  අගමැතිතුමා ස්වෙච්ඡාවෙන් කැමැත්තෙන්ම මුදල් ඇමතිකම බැසිල් රාජපක්ෂ මහතාට භාර දීමට තීරණය කළා.

මොකද බැසිල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය ආරම්භයේ සිටම එතුමාගේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න කටයුතු කළ කෙනෙක්. අද මේ රටේ පවතින ප්‍රායෝගික තත්ත්වය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හොඳටම දන්නවා. ඒ නිසා එතුමාගේ කැමැත්ත අනුව තමයි මුදල් අමාත්‍යාංශය බැසිල් රාජපක්ෂ මහතාට පැවරෙන්නේ.

2015 මහින්ද සුළඟත් එක්ක මෛත්‍රීපාල සිරිසේන එක්ක එකතු වෙලා අපි පැරදුනා. එහෙම වැටුන අපිව නැවත ගොඩනගන්න නව පක්ෂයක් හදලා අලූත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ සහ ඒක ක්‍රියාත්මක කරන්න නායකත්වය දුන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා.එදා මෙදා කාලසීමාව තුළ එතුමාට පැවරුණු වගකීම් ලබා දීපු වගකීම් තුළ එතුමාගේ රාජකාරිය හරියටම ඉටු කළා. ඒ වගකීම් තුළ අනිත් අමාත්‍යාංශවල වැඩ කරන්න එතුමාට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම පුළුවන් තත්ත්වයක් ඉදිරියේ දී ඇති වුනොත් වුනොත් ඊට එතුමාට ශක්තිය ධෛර්යය තියෙන විත්තිය අපි විශ්වාස කරනවා

බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව තෙල් මිල අඩු කරන්නේද යන්න  සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ රටේ පවතින ආර්ථික තත්ත්වය සහ වසංගත තත්වය මෙන්ම අනෙකුත් කරුණු සලකා බලා නව ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවයි. එය අදම සිදු කිරීමට නොහැකි වුවත් ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට හැකිවනු ඇතැයිද ඒ මහතා අවධාරණය කළේය.

අපිට විසඳුම් ලබා ගැනීමට ගැටලු කිහිපයක් තිබෙනවා එකක් තමයි කොරෝනා එන්නත. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ මාසේ මාසය අවසන් වෙන්න පෙර තිහට අඩු පිරිසට එක එන්නතක් හරි ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කිරන්න බලාපොරොත්තු වෙනවා. එන්නත් ලබාදීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රට විවෘත කරන්න හැකියාව තිබෙනවා. එන්නත ලබා ගැනීමෙන් පසුව පහසුවෙන් තමන්ගේ ව්‍යාපාර කරගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ජනතාවට හැකියාව ලැබෙනවා.

පහුගිය කාල සීමාවේ මහබැංකු හොරකම, පාස්කු ප්‍රහාරය වගේම මේ වසංගතයත් එක්ක සංචාරකයෝ ලංකාවට එන්නේ නැහැ. විදේශ රටවල් වල සේවය කරන ශ්‍රමිකයන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වුණා. ඒ නිසා ඩොලර් හිඟයක් ඇති වෙලා තිබෙනවා. මේ දේවල් වලට පිළියම් යොදන්න ආණ්ඩුවක් විදිහට වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. ඒ වගේම රටේ ජනතාවට බඩුමිල පිළිබඳව පොහොර ගැටලුව පිළිබඳව විසඳුම් ලබා දෙන්න ඕනේ.‍

අද ගම්පහ දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා රසායනික පොහොර භාවිතය අඩු කරල කොම්පෝස්ට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න උපදෙස් දීලා තියෙනවා.

අද පොළොවේ ගැඩවිල් පනුවෙක්වත් නැහැ. ඒ තරම් මැරිච්ච පොළොවක තමයි අපි ජීවත් වෙන්නේ. ඉදිරියේදී මේ දේවල් විශාල වශයෙන් බලපාන්නේ අපේ දරුවන්ට. මේ වෙනකොට අනුරාධපුර,පොලොන්නරුව ප්‍රදේශවලට සීමා වුණු වකුගඩු රෝගය ගම්පහ ප්‍රදේශයටත් ව්‍යාප්ත වෙලා තියනවා.

ආණ්ඩුවලට සමහර අවස්ථාවලදී ජනප්‍රිය නොවන තීන්දු ගන්න සිද්ධ වෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේ දී ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ එවැනි තීරණ අවශ්‍යතාවය අනුව ගනු ලබන බවයි.

යුද්දේ කරනකොට මහින්ද මහත්තයා ජනාධිපති. ආරක්ෂක ලේකම් විදියට වැඩ කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. නමුත් ඒ අවස්ථාවේදී රටේ ආර්ථික ශක්තිය ගොඩ නඟන්න කටයුතු කළේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදිහට බැසිල් රාජපක්ෂ මහත්තයා.

මේ තුන් දෙනාගේ සුසංයෝගය හරහා  ඉතා හොඳ ප්‍රතිඵල ලැබුණා. යුද්ධය කරද්දි ආර්ථිකය කඩාගෙන වැටුනා නම් එදා යුද්ධය ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. මේ තුන්දෙනාම එකතු වෙලා එක අරමුණක් කරා ගමන් කළා. ඒ වෙලාවේදීත් මාධ්‍ය විසින් මේ විදිහටම ප්‍රශ්න කළා. ඒ ගැටළු හැමදේකටම මුහුණ දෙන ගමන් රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න මේ අය කටයුතු කළා.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය අපට හයියක් කියන එක විතරයි අපි කියන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දන්නවා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවය. වැඩක් කරගන්න අධිකාරි බලයක් තියෙන කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒක ඉදිරියට සිදු කෙරෙනවා.

සංචාරකයන්ගේ පැමිනීම හරහා කොරෝනා වැඩිවන බවට  එල්ල වන චෝදනා පිලිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ‍ සංචාරක බුබුළු ක්‍රමය හරහා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ තුළ සංචාරකයින්ගෙන් කොරෝනා රෝගීන්  බෝවීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි.

විපක්ෂය විසින් දේශපාලන වුවමනා ඉටුකර ගැනීම සඳහා මෙවැනි චෝදනා එල්ල කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place