මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තවත් මාස 03 ක් ඇතුළත අවසන් කිරීමට හැකි වනු ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එම අමා...
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තවත් මාස 03 ක් ඇතුළත අවසන් කිරීමට හැකි වනු ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. පේමසිරි නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදි කිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.
ඒ අනුව බොහෝදුරට ලබන වසරේ මාර්තු මාසය වනවිට මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට හැකි වනු ඇති බවටයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විශ්වාසය පළ කළේ.
මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදි කිරීම් පෙරේදා ආරම්භ කෙරුණා. එම කොටසේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවේ.
එම ඉදි කිරීම් මහාමාර්ග අමාත්‍යාංශයේ මග නැගුම ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක කිරීමට ද තීරණය කර තිබීම විශේෂත්වයක්.
Very impressive
ReplyDeleteImpressive
ReplyDelete