Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ග්‍රාම නිළධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

  පෑලියගොඩ ගඟ බඩ ග‍්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණකොටුවත්ත ප‍්‍රදේශ සහ කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග‍්‍රාම නිලධාරී වසමේ ශී‍්...

 


පෑලියගොඩ ගඟ බඩ ග‍්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණකොටුවත්ත ප‍්‍රදේශ සහ කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග‍්‍රාම නිලධාරී වසමේ ශී‍්‍ර ජයන්ති මාවත අද අළුයම 05 සිට හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කෙරුණා. 


කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ ප‍්‍රවණතාව සැලකිල්ලට ගනිමින් එම තී්රණය ගැනුණු බවයි.

 

මේ අතර, වැල්ලම්පිටිය සාලමුල්ල ග‍්‍රාම නිලධාරී වසම සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර ප‍්‍රදේශ අද අළුයම 05 සිට හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණු බව ද යුද හමුදාපතිවරයා පැවසුවා.


මීට පෙර හුදෙකලා කෙරුණු අනෙකුත් පොලිස් වසම් සහ ග‍්‍රාම නිලධාරී වසම්වල හුදෙකලා තත්ත්වය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් කි‍්‍රයාත්මක බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

No comments

Ads Place