Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාදිනල් හිමි ජ.වි.පෙන් ඇසිය යුතු ප්‍රශ්නය රංගෙ මතක් කර දෙයි.!

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසූවේ ගෝඨාභයට රැවටු...


පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසූවේ ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කාදිනල් හිමි මුණගැසී කරුණු හතක් පිළිබඳව දැනුවත් කරන්නට සූදානම් වෙන බව පැවසූ එජාප මහලේකම්වරයා පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදී පුතුන් දෙදෙනකුගේ පියෙක් වන වන ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට උත්සාහ කළේ ඇයිද යන වැදගත් ප්‍රශ්නය කාදිනල් හිමියන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇසිය යුතු බව පවසා සිටියේය.

No comments

Ads Place