Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රංශයත් හම්බන්තොට වරාය ගැන උනන්දු බව අගමැතිට දන්වයි

ප්‍රංශ රජය හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා” යැයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අග්‍රාමාත්‍ය මහ...


ප්‍රංශ රජය හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා” යැයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දන්වා තිබේ.

          

ප්‍රංශ තානාපතිවරයා මේ බව අගමැතිවරයාට දන්වා ඇත්තේ පසුගිය 03 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති අධ්‍යාපන ශිෂ්‍යත්ව, ආයෝජන සහ හම්බන්තොට වරාය පිළිබඳව පැවැති සාකච්ඡාවේදීය.ඒ තුළින් දෙරට අතර වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ වැඩි ඉඩකඩක් ඇති බවට ද තානාපතිවරයා එහිදී විශ්වාසය පල කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සඳහා දෙරටම උනන්දුවෙන් පසුවන බවද එහි දැක්වේ.

ශ්‍රී ලංකාව ප්‍රංශයට කරන ප්‍රධාන අපනයන අතර ඇඟලුම්, වටිනා ගල්වර්ග සහ වායුමය රබර් ටයර් ඇතුළත් වේ.අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ” යැයි පැවසූ තානාපති ලැවර්ටු මහතා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ අනුපාතය අඩු බවද පවසා තිබේ.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

sri lanka mirror




No comments

Ads Place