Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශපාලන විසදුමක් ඉල්ලා උතුරේ සත්‍යග්‍රහයක්

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් පිළිගත හැකි ගෞරවනීය විධිමත් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා දින 100 ක සත්‍යග්‍රහයක් මේ දිනවල උතුරේ දිස්ත්‍රී...

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් පිළිගත හැකි ගෞරවනීය විධිමත් දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා දින 100 ක සත්‍යග්‍රහයක් මේ දිනවල උතුරේ දිස්ත්‍රීක්ක කිහිපයක ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

උතුරු නැගෙනහිර ජනතාව උදෙසා ගෞරවනීය අයිතිය සුරකින දෙශපාලන විසඳුමක් ලබාදෙනු යන තේමාව යටතේ මෙම දින 100 සත්‍යග්‍රහය ආරම්භ කොට ඇත්තේ උතුරේ විවිධ වූ ස්වේච්ඡා සංගම්, ධීවර සංගම්, කාන්තා සංගම්, මානව හිමිකම් ක්‍රියාකරුවන් ආදි විවිධ වූ සංගම් විසිනි.

දින 100 සත්‍යග්‍රහයේ ආරම්භය 02 දින මන්නාරමෙන් ආරම්භ වූ අතර 03 කිලිනොච්චියේදීද ආරම්භ කරනු ලැබීය.

සත්‍යග්‍රය ආරම්භ කරමින් එහි සහභාගී වූවන් කියා සිටියේ,

‘යුද්දයෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාවට මේ වන විට අතුරුදහන් වූළුන්ගේ ගැටලු, ඩජම් ගැටලු, ධීවර ගැටලු, ආර්ථික ගැටලු, යටිතල පහසුකම් ආදි විශාල වශයෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇතත් පැවති රජයන් හෝ වත්මන රජයන් කිසිවකින් කිසිදු විසඳුමක් ලැබී නොමැති හෙයින් උතුු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් පිළිගත් විශ්වාශදායි දේශපාලන විසඳුමක් ලබාදෙන ලෙසටය.

මේ හේතුවෙන් ඉදිරි දින 100 ක විරෝධතා සත්‍යග්‍රහය ආධාරයෙන් ආණ්ඩුවට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු කොට උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ස්ථීර දේශපාලන විසඳුමක් කරා ගමන් බවට ස්‍යග්‍රහයේ නිරත වූවන් වැඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

No comments

Ads Place