Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් අගමැතිකමෙන් අස් වෙනවා - හිරුණිකා කියයි

තවත් මාසයක් හෝ දෙකක් යනවිට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවනු ඇති බවත් නැතහොත් ඔහු එයින් ඉවත් කරනු ...

තවත් මාසයක් හෝ දෙකක් යනවිට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවනු ඇති බවත් නැතහොත් ඔහු එයින් ඉවත් කරනු ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ඉන් අනතුරුව ජී.එල්. පීරිස් වැනි පුද්ගලයෙක් අගමැති ධුරයට පත් වනු ඇති බවත් ඇය පවසයි.

වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඇත්තේ රටේ පැවති අස්ථාවර තත්ත්වය සහ රාජපක්ෂවරුනට ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සමනය වන තුරු පමණක් යයිද ඇය සඳහන් කළාය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තද කිසිම විදේශ රාජ්‍ය නායකයෙක් ඔහුට සුබ පතා නැති බවද පැවසූ අය මහජන ඡුන්දයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පත් වුණු කිසිම රාජ්‍ය නායකයකුට විදේශ රාජ නායකයන් සුබපතා නැතැයිද ඇය කියා සිටියාය.

අැය මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

No comments

Ads Place