Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෘද රෝගීන්ට බෙහෙත් දෙනවා යැයි සජිත් කිවූ බොරුව එසැනින් අතේ පත්තු වෙයි

හෘද රෝගීන් සඳහා ලබා දෙන ප්‍රධාන ඖෂධ දෙක තමා විසින් ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියට ලබා දීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ද...


හෘද රෝගීන් සඳහා ලබා දෙන ප්‍රධාන ඖෂධ දෙක තමා විසින් ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියට ලබා දීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය. එම ඖෂධ දෙක නම් Streptokinase සහ GTN නම් ඖෂධ දෙකයි. කෙසේ නමුත් දැන් හෙළි වී ඇත්තේ Streptokinase නම් ඖෂධය වෙනුවට 2016 වසරේ දී සිට Tenecteplase නම් වෙනත් ඖෂධයක් ලබාදෙන බවයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් Tenecteplase ඖෂධය හෘදයාබාධය ඇතිවූ රෝගීන්ට ලබා දීම ආරම්භ කෙරිණි. වාර්ෂිකව Tenecteplase ඖෂධයේ කුප්පි 20,000 ශ්‍රී ලංකාවට අවශ්‍ය වන අතර දැනට Streptokinase ඖෂධය ලබා ගන්නේ වසරකට කුප්පි 500 පමණි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබාදෙනවා යැයි ප්‍රකාශ කර ඇත්තේ දැනට හෘද රෝගීන්ට සුලබ ලෙස ලබා නොදෙන භාවිතයෙන් ඉවත්ව යන ඖෂධයකි. සජිත් ප්‍රේමදාස මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ අවස්ථාවේදීම  හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ කරුණ ඉස්මතු කළේය.

No comments

Ads Place