Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නොරෝච්චෝලට අවදානමේ… ගල් අගුරු ගේන්න ඩොලර් නෑ… දීර්ඝ කාලයක් වහන්න වෙන ලකුණු…

බලපා ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු සැපයුම පවත්වා ගැනීම සදහා ණයවර ලිපි විවෘතකිරීම ගැටළුකාරී වී ඇති බ...



බලපා ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු සැපයුම පවත්වා ගැනීම සදහා ණයවර ලිපි විවෘතකිරීම ගැටළුකාරී වී ඇති බව සන්ඩේ මෝනිං පුවත්පත වාර්තා කරයි.


සැලසුම් කර ඇති ගල් අඟුරු නැව්ගත කිරීම් සඳහා ණයවර ලිපි අටක් විවෘත කිරීම අවශ්‍ය වෙයි.


දැනට පවතින ගල් අඟුරු තොග මේ වසරේ අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් වෙයි.


මුහුද රළු වීම හේතුවෙන් අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ගල් අඟුරු ගොඩබෑමට නොහැකි වන අතර එම නිසා දෙසැම්බර් මාසය දක්වා විදුලිය නිපදවීමට ප්‍රමාණවත් ගල් අඟුරු තොග ලබන මාසය වන විට ආනයනය කළ යුතුය.


ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ජගත් පෙරේරා මහතා පවසන පරිදි මෙම වාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලියන 2.28න් මෙට්‍රික් ටොන් මිලියන 1.7ක (MT) තොගයක් ගෙන්වා ගැනීමට සමාගම සමත් වී ඇති අතර තවත් නැව්ගත කිරීම් 38ක් අපේක්ෂා කරන බවයි.


“ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස දෙකකට පෙර අවසන් කරදැනටමත් ටෙන්ඩර් ලබා දී ඇත. මේ වසරේ අගෝස්තු මාසය දක්වා අපි ගල් අඟුරු තොග සුරක්ෂිත කරගෙන තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.


ගල් අඟුරු නැව්ගත කිරීමට නියමිතව ඇති බව විමසූ විට පෙරේරා පැවසුවේ ඒ් සදහා ණයවර ලිපි විවෘත කිරීම අභියෝගයක් බවයි.


මේ වන විට රට තුළ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්ධන හිඟය සහ ජල විදුලි නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් පැය ගණනක විදුලි කප්පාදුවක් සිදුවෙමින් පවතී.


ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සංඛ්‍යාලේඛනවලට අනුව, දැනට මෙරට විදුලි උත්පාදනය ප්‍රධාන වශයෙන් ගල් අඟුරු මත රඳා පවතින අතර එය මුළු දෛනික බලශක්ති කොටසෙන් 47.1% කි.

No comments

Ads Place