Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල්ට – උදයට “ගහන්න“ එපා! සජිත් සජබ මන්ත්‍රී කණ්ඩායමට කියයි!

විමල් වීරවංශය සහ උදය ගම්මන්පිල විවේචනය කරමින් අනවශ්‍ය ප්‍රහාර එල්ල නොකරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩාය...



විමල් වීරවංශය සහ උදය ගම්මන්පිල විවේචනය කරමින් අනවශ්‍ය ප්‍රහාර එල්ල නොකරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දන්වා ඇත.


ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුවේ ඇමති ධුරවලින් පළවා හළ සිද්ධිය ආරංචි වීමෙන් අනතුරුව කොළඹ පැමිණ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම සමග කළ සාකච්ඡාව අතර තුරය.


එහිදී මූලිකවම සජිත් විමසා ඇත්තේ සමගි ජනබලවේගය ගොඩ නගන සන්ධානය ඉලක්ක කරගෙන    විමල් සහ උදය සමග සාකච්ඡා කිරීම පිළිබඳ මන්ත්‍රී කණ්ඩායමේ කැමැත්තය.


එහිදී සජබ මන්ත්‍රීවරුන් මූලිකව ඉල්ලා ඇත්තේ පසුගිය වකවානුව පුරාම වඳ කොත්තු, වඳ පෙති, සිංහල බෞද්ධ ගැහැණු වඳ කරන වඳ දොස්තරලා වැනි බොරු මවමින් විස සහිත ලෙස ජාතිවාදය වැපිරූ විමල් – උදය වැනි අය සජබ ගොඩ නන්වන සන්ධානය වෙත ගාවා නොගන්නා ලෙසය.


එය පිළිගත් සජබ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලා ඇත්තේ එසේ නම් විමල්ට සහ උදයට අනවශ්‍ය ලෙස ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙසය.


ඔවුන් දේශපාලන මිතුරන් සේ ඇසුරු කිරීමේ ප්‍රතිපත්තියක් පවත්වාගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා සිය මන්ත්‍රී කන්ඩායමෙන් ඉල්ලා තිබේ.

No comments

Ads Place