Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුද්ධය ඇවිලූ එංගලන්තය යුක්රේන් යුද අනාථයින් වෙනුවෙන් ලබා දී ඇත්තේ වීසා 50ක් පමණයි! – 5355ක් අයදුම් කරලා…

යුක්රේන සරණාගතයන් වෙනුවෙන් එක්සත් රාජධානිය මේ වනවිට වීසා නිකුත් කර ඇත්තේ පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් බව එක්සත් රාජධානියේ මිරර් වෙබ් අඩවිය හෙ...



යුක්රේන සරණාගතයන් වෙනුවෙන් එක්සත් රාජධානිය මේ වනවිට වීසා නිකුත් කර ඇත්තේ පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් බව එක්සත් රාජධානියේ මිරර් වෙබ් අඩවිය හෙළි කරයි.


එක්සත් රාජධානිය පනස් දෙනෙකුට පමණක් වීසා අනුමත කරන්නේ සරණාගතව සිටින පුද්ගලයින් 5355ක් මාර්ගගත ක්‍රමය ඔස්සේ  එක්සත් රාජධානියේ  වීසා අයදුම් කර තිබිය දී බව මිරර්  පවසයි.


දින 10ක් තුළ යුක්රේනයේ සිට මිලියන 1.5කට අධික සරණාගතයින් පිරිසක් අසල්වැසි රටවලට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩි ඊයේ පැවසුවේය.


ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කර ප්‍රකාශ කර තිබුණේ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපය වේගයෙන් වර්ධනයවන සරණාගත අර්බුදයකට මුහුණ දී ඇති බවය.


යුක්රේනය මෙවැනි අර්බුදයකට තල්ලු කර දැමීමට මානසික අල්ලස් ලබා දුන් ප්‍රධාන භූමිකාවක් සිදුකළ එක්සත් රාජධානිය  යුක්රේන යුධ අනාථයින් පිළිබඳ ප්‍රායෝගිකව හැසිරෙන ආකාරය සම්බන්ධව ජාත්‍යාන්තර දේශපාලන විචාරකයන් මවිතය පල කර ඇත.


මේ වනවිට ඉහත කී 5355  හැරුණු විට තවත් පුද්ගලයන් 2,368 දෙනෙකු තම අයදුම්පත්‍රය සහ ජෛවමිතික තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා වීසා බලපත්‍රයක් වෙන්කරවා ගෙන තිබුණි.


පුද්ගලයින් 11,750 ක් මාර්ගගත අයදුම්පතක් ආරම්භ කර ඇති නමුත් සම්පූර්ණ කර නොමැත.


ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල්  පවසා ඇත්තේ  මෙම සරණාගත ගැටලුව අභියස එය විඳීම   වේගවත් කිරීම සඳහා “හැකි සෑම දෙයක්ම” කරන බවයි.

No comments

Ads Place