Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැරැල්ලේ දෙවන මෙහෙයුම අරඹනවා..-විපක්ශ නායක

න්දිහස් අධ්‍යාපනයේ පියා සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා දියත් කරපු නිරායුධ, සාමකාමී මතවාදී කැරැල්ල තුළ අපේ රටට, රටේ සියලුම දරුවන්ට නි...

න්දිහස් අධ්‍යාපනයේ පියා සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා දියත් කරපු නිරායුධ, සාමකාමී මතවාදී කැරැල්ල තුළ අපේ රටට, රටේ සියලුම දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලැබුණ බවත් සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් ඒ කැරැල්ල හා සමාන නිරායුධ නුතනවාදී කැරැල්ලක් විදියක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ හරහා, නව තාක්ෂණය රටේ සියලුම ප්‍රදේශවලට ව්‍යාප්ත කරන මෙහෙයුම දියත් කරන බවද ඒ මහතා පැවසීය. එදා මෙන්ම අදත් ඒවාට විරුද්ධ කල්ලියක් අපේ රටේ සිටින බවත් ඒ නිසා පාසල් වලට සක්වල වැඩසටහන ගෙනියනකොට සජිත් ප්‍රේමදාසගේ මේ බෙදීමෙන් වැඩක් නැහැ කියා ඔවුන් පවසන බවත් එතුමා පැවසීය.

නූතනවාදී අධ්‍යාපනය තුළින් තරුණ පරපුර දේශපාලන වහල් භාවයෙන් මිදෙනවානම් ලුම්පන් කල්ලිය දකින්නේ ඒක මහා බරපතළ සාමාජීය ගැටලුවක් හැටියට බව පැවසූ විපක්ෂ නායකතුමා තමන්ට පක්ෂපාතී වහලුන් නිර්මාණය වීම නතර වන වට ඔවුන් අකමැති බවද පැවසීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ “සක්වල” වැඩසටහනෙහි 13 වන අදියර (02) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ අනුරාධපුර වටහිර විද්‍යාප්‍රදීප මහා විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කිරීම (02) සිදුවිය.

 

No comments

Ads Place