Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉටිපන්දමුත් නෑ..විදුලිය කැපුවොත් ගිනි මැලේ පිහිට...

ඉටි පන්දම් නිෂ්පාදනයද මේ වන විට නතර වී ඇති නිසා ජනතාවට මිලදී ගන්නට ඉටිපන්දමක් හෝ නොමැති තත්ත්වයට රට පත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන...

ඉටි පන්දම් නිෂ්පාදනයද මේ වන විට නතර වී ඇති නිසා ජනතාවට මිලදී ගන්නට ඉටිපන්දමක් හෝ නොමැති තත්ත්වයට රට පත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේය. ඩොලර් අර්බුදය සමග චීනයෙන් ඉටි ආනයනය කිරීමද අඩාළවී ඇති බැවින් ඉටිපන්දම් නිෂ්පාදනය වීමද නතර වී ඇති බව ඔහු කියා සිටියේය.

1982 වසර වනතෙක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉටි ආනයනය කිරීම සිදුවුවද එම වසරෙන් පසුව අද වනතුරු ඉටි ආනයනය කිරීමට එම සංස්ථාව කටයුතු කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. අඳුරෙන් අඳුරට වැටී සිටින ජනතාවට ඉටිපන්දමක් හෝ ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අපොහොසත්වී ඇති බව හෙතම පැවසුවේය.

ඔහු එහිදී මෙසේද පැවසුවේය

” විදුලිය කප්පාදු කළාම මිනිස්සු හිතුවා ඉටිපන්දමක් හරි දල්වාගන්න, දැන් ඉටි පන්දම හදන්නෙත් නැහැ ඉටි ගෙන්වන්නෙත් නැහැ. දවසකට පැය හතරක් විදුලිය කැපුවොත් දැන් අපේ මිනිස්සුන්ට ඉන්න වෙන්නේ ගිනිමැලයක් ගහලා තමයි. ඇත්තටම මේ පාලකයෝ එක්ක ජීවත්වෙන්න වෙලා තියෙන්නේ ගල් යුගයේ ඉන්නවා වගේ තමයි. ගල් දෙකක් අතුල්ලලා වරු ගණනක් බලන් ඉඳලා තමයි එළියක් හොයාගන්න වෙන්නේ ඉස්සරහට ”

මේ පිළිබඳව දිවයින පුරා විසිරී සිටින ඉටිපන්දම් නිෂ්පාදක කණ්ඩායම් කිහිපයකගෙන් අප විමසුමක් කළෙමු. එහිදී ඔවුන් පැවසුවේ මාස තුනක හතරක පමණ කාලයක සිට ඉටිපන්දම් නිෂ්පාදනය නොකරන බවය. එම කණ්ඩායමක සාමාජිකයෙකු වන එම්. ආර් ජයන්ත පැවසුවේ වෙනදාට ඉටි කිලෝ 25ක් රුපියල් 16,000ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකියාවක් ලැබුනද දැන් ඉටි කිලෝ 25ක් රුපියල් 30000ක් වන බවය. දේවස්ථාන සඳහා පමණක් මේ වන විට ඉටිපන්දම් නිෂ්පාදන කටයුතු කරන බවත් එම නිෂ්පාදනයන් සිදුකරන්නේද වෙනදාට වඩා අඩු ප්‍රමාණයකට බව ඔහු පවසා සිටියේය.

මෙහිදී අදහස් දක්වා සිටි නිලුකා දමයන්ති පැවසුවේ ඉටිපන්දම් නිෂ්පාදනය කිරීම රැකියාවක් ලෙස සිදුකරගෙන ගියද මාස තුනක පමණ කාලයක සිට එම කටයුතු වලින් ඉවත්වූ බවය. කොළඹ වේල්ල විදිය සහ ගෑස්පහ ප්‍රදේශයෙන් ඉටි මිලදී ගැනීම මින් පෙර සිදුකළද මේ වන විට එහිද විකිණීමට ඉටි නොමැති බව වෙ​ෙළඳුන් පවසන බව ඇය පැවසුවාය.

මේ පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ සංස්ථාව ඉටි ආනයනය නොකරන බවය. වසර ගණනාවක තිස්සේ එම කටයුත්තේ යෙදී සිටින්නේ පුද්ගලික අංශය බව ඔහු කියා සිටියේය.

 

No comments

Ads Place