Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාව පොඩි ආර්ථිකයක්...මේක ගොඩ දාන්න අපිට පුළුවන්

ජනතාවගේ බදු මුදල්වලින් තමයි ඔබත් මමත් අපි හැමෝම ඉගෙන ගෙන තිබෙන්නේ. ඊට පස්සේ අපිට රජයේ රැකියාවක් ලබාදීලා රජයේ වැටුප් ගෙවනවා. ජනතාව තමයි ඒ වැට...

ජනතාවගේ බදු මුදල්වලින් තමයි ඔබත් මමත් අපි හැමෝම ඉගෙන ගෙන තිබෙන්නේ. ඊට පස්සේ අපිට රජයේ රැකියාවක් ලබාදීලා රජයේ වැටුප් ගෙවනවා. ජනතාව තමයි ඒ වැටුප් ගෙවන්නේ. එහෙමනම් අපට වගකීමක් තිබෙනවා ඒ ජනතාව වෙනුවෙන් සේවය කරන්න. අපේ කාර්යය හරියට කරනවා නම් එක පැත්තකින් අපිට කවදා හෝ විශ‍්‍රාම යන දවසක අපි අපට රට දුන්න දේ වෙනුවෙන් රටට යමක් කරා කියන එක පිළිබඳව සතුටු වන්නට පුළුවන් යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකදී ය.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් හට පක්ෂ පාට භේදයකින් තොරව රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙල මේවන විට ආරම්භ කොට ඇති අතර ඒ අනුව, සංවර්ධනයේ ප‍්‍රමුඛ කොටස් කරුවන් ලෙස දැනුමෙන් සන්නද්ධ වී සිටින ගම්පහ ආසනයේ උපාධිධාරීන් 67 කට පත්වීම් ප‍්‍රධානය එහිදී සිදු කෙරුණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ප‍්‍රජාව තිරසර සංවර්ධන කි‍්‍රයාවලියකට විශ්වසනීය හා තාර්කික පදනමක් සහිත සාඩම්බර හවුල් කරුවන් ලෙස සක‍්‍රීය සම්බන්ධ කර ගැනීමේ අරමුණින් 2020.01.01 දිනට පෙර උපාධි ලබාගත් සුදුසුකම්ලත් උපාධිධාරීන්ට මෙම පත්වීම් ලබාදීම සිදුවිය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

‘අපේ රටේ රාජ්‍ය සේවයේ සිටින සෑම කෙනෙක්ම තමුන්ගේ රැකියාවෙන් අපේක්ෂා කරන කාර්යය 100% ක්ම ඉටු කරනවා නම් අපේ රටේ ආර්ථිකය මෙයටත් වඩා විශාල වෙනසක් කරන්නට පුළුවන්. මට හම්බවෙලා තිබෙනවා ඉතාමත් දක්ෂ, ඉතාමත් කැපවීමෙන් වැඩ කරන රාජ්‍ය සේවකයෝ. පුද්ගලික අංශයේ සිටින කාලයේ මම විශ්වාස කළේවත් නැහැ මේ වගේ අය රාජ්‍ය සේවයේ සිටිනවා කියලා. නමුත් මට හමුවුණා පුද්ගලික අංශයේ අප නොදුටු කැපවීමක් තිබෙන, හැකියාවක් තිබෙන රාජ්‍ය සේවකයෝ මම රාජ්‍ය සේවයත් සමග සම්බන්ධ උනාට පස්සේ. ඒ වගේම මම දැකලා තිබෙනවා කිසිම උනන්දුවක් නැතිව රස්සාව කරනවාට කරන රාජ්‍ය සේවකයොත්. ප‍්‍රතිශතය කොපමණක්ද කියන එක නෙමෙයි වැදගත් වන්නේ ඇයි අර මුලින් කියපු වර්ගය 100% ක් නොවන්නේ කියන එකයි ප‍්‍රශ්නය. මොකද අපට අපේ අධ්‍යාපනය ලබාදී තිබෙන්නේ මේ රටේ ජනතාව. ජනතාවගේ බදු මුදල්වලින් තමයි ඔබත් මමත් අපි හැමෝම ඉගෙන ගෙන තිබෙන්නේ. ඊට පස්සේ අපිට රජයේ රැකියාවක් ලබාදීලා රජයේ වැටුප් ගෙවනවා. ජනතාව තමයි ඒ වැටුප් ගෙවන්නේ. එහෙමනම් අපට වගකීමක් තිබෙනවා ඒ ජනතාව වෙනුවෙන් සේවය කරන්න. ඒක අපි හැමෝම තේරුම් අරගෙන අපේ කාර්යය හරියට කරනවා නම් එක පැත්තකින් අපිට කවදා හෝ විශ‍්‍රාම යන දවසක අපි අපට රට දුන්න දේ වෙනුවෙන් රටට යමක් කරා කියන එක පිළිබඳව සතුටු වන්නට පුළුවන්.

දෙවන කාරණය තමයි අපි හරියට වැඩ කරනකොට, අපේ කාර්යය හරියට කරන කොට නොදැනුවත්වම අපිත් දියුණු වෙනවා. අපිත් ඉහළට යනවා. අපේ හැකියාවන් අපේ නායකයෝ දකිනවා. ඒ අය අපිව උනන්දු කරනවා තවත් දේවල් ඉගෙන ගන්න. වෙන පාරවල් පෙන්වලා දෙනවා ඉදිරියට යන්න. එතකොට අපට නොදැනුවත්වම අපේ ජීවිත ඉදිරියට ගෙන යන්නට අවස්ථාව ලැබෙනවා. අපි ගන්න දේට වඩා දෙයක් අපි ආපහු රටට දිය යුතුයි. ඒක විශාල වගකීමක් රාජ්‍ය සේවකයෙක් වශයෙන් නෙමෙයි පුරවැසියෙක් වශයෙනුත්. පුරවැසියාගේ වගකීමත් ඒක තමයි අපි උපන් රටට අපි වැඩ කළ යුතුයි. සමාජයට යමක් ලබාදිය යුතුයි. අපේ වර්තමාන රාජ්‍ය පරිපාලන යාන්ත‍්‍රණය සකස්වෙලා තිබෙන විදිහට රාජ්‍ය සේවයට විශාල වගකීමක් තිබෙනවා.

මේ රට දියුණු කරන්න බැරි රටක් නෙමෙයි. මේක පුංචි රටක්. මේකේ සමස්ථ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන අසූවක් විතර වෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන අසූවක් කියලා කියන්නේ, මේ කාලාපීය රටවල තිබෙනවා සමාගම් මීට වඩා විශාල වාර්ෂික ආදායමක් ලබන. ඒ නිසා මෙය මහා විශාල ආර්ථිකයක් නෙමෙයි. මේ ආර්ථිකය යම්කිසි අර්බුදයකට ගිහිල්ලා තිබෙනවා නම් ඒ අර්බුදයෙන් ගොඩ එන එකත් අමාරු නැහැ. ඒකයි ඒකේ තිබෙන හොඳේ. පුංචි උනහම එයින් ගොඩ එන්නත් පුළුවන්. විශාල නැවක් එක් පැත්තකට ඇදිලා යනකොට ඒක ආපහු හරවන්න අමාරු උනාට පොඩි බෝට්ටුවක් ඒ තරම් අමාරු නැහැ හරවලා හරි පැත්තට ගන්න. ඒ නිසා මේ ආර්ථිකය අපට හරි පැත්තට හරවලා ගන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ වෙලාවේ ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. රජය පැත්තෙන් බැලූවහම රජය ප‍්‍රතිපත්ති මාලාව තුළ කියපු හැම ක්‍ෂෙත‍්‍රයකම වැඩ කොටස කරමින් තිබෙනවා. උදාහරණයක් වශයෙන් රජය පෙරොන්දු උනා තමුන්නාන්සේලා 50000 කට රැකියා ලබා දෙනවා කියලා. ඒ දුන් පොරොන්දුව ඒ ආකාරයටම ඉටු කළා. ඒවගේ රජය දුන් හැම පොරොන්දුවක්ම රජය විසින් ඉටු කරමින් තිබෙනවා. ඒවයේ ප‍්‍රතිඵල අපට ඉදිරියේදී දකින්නට පුළුවන් මේ රටට යැයි පැවසීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන, ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් සුරංගා ලක්ශ‍්‍රීනි ගුණතිලක යන මහත්ම මහත්මීන් සහභාගී විය.

 

No comments

Ads Place