Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හත පාස් නම් මොළ හතයි… විජේදාස පැහැදිලි කළ මොළ සූත්‍රය!

මුදල් ඇමතිතුමාගේ මොළ හත මැන්න ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත්,  මනින්ට ඇත්තේ 7 පාස් නම් මොළ හතක් තිබේය යන උපකල්පනය මත යැයි තමන් විශ්වාස කරන...



මුදල් ඇමතිතුමාගේ මොළ හත මැන්න ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත්,  මනින්ට ඇත්තේ 7 පාස් නම් මොළ හතක් තිබේය යන උපකල්පනය මත යැයි තමන් විශ්වාස කරන බවත්    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඊයේ (12)  පැවසීය.


ඔහු මේ බව පැවසුවේ අද පන්නිපිටිය වීරමාවත එක්සත් පොදු සේවා සමිතියේ නව ගොඩනැගිල්ල විවෘත කරමිනි.


ඔහු මුදල් ඇමතිට මොළ හතක් තිබෙන බවට වූ මොළ සූත්‍රය විස්තර කළේ මෙසේය.


“ ඒ මැනීමේ හැටියට  සාමාන්‍ය පෙළ පාස් උනාම මොළ 11ක් තියනවා. උසස්පෙළ සමත් වුනාම මොළ 13ක් තියෙනවා. උපාධිය පාස් උනාම මොළ 16ක් තියනවා. “

 

“ඒ හින්දා මොළ හත මදි. මොළ 16 දක්වා ගියොත් තමයි රටේ වෙන්නෙ මොනවා ද කියලා සාමාන්‍ය මට්ටමෙන් හොයා ගන්න පුලුවන්වෙන්නෙ.“


වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා කීවේ ඉදිරි සති කීපය තුළ රටේ ඩොලර් සංචිත හිඳී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවත් ආනයනය කළ නොහැකි තත්වයක් තුළ රට සාගතයකට යන බවය. අනතුරුව රට තුළ කළහකාරී තත්වයන් ඇතිවන බවය.  මේ වනවිට 20 වැනි සංශෝධනයෙන් අපේක්ෂාකළ අයුරුන්ම අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයම ජනාධිපතිවරයාගේ වහලුන් වී ඇතැයි මන්ත්‍රීවරයා පැවසුවේය.

No comments

Ads Place