Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ජනපතිට දඩුවම් දිය යුතුයි..ඔවුන් කලේ සමාව ලබා දිය නොහැකි වරදක්..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට  දඩුවම් දිය යුතු බව තමන් අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරය...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට  දඩුවම් දිය යුතු බව තමන් අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්  කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඔවුන් අද ආණ්ඩුවේ සිටියත්, විපක්ෂයේ සිටියත්, සන්ධානයේ සිටියත් ඔවුන් කර ඇත්තේ සාමව දිය නොහැකි වරදක් බවයි. ප්‍රහාරයට වගකිව යුතු අය අද සිටින තැන අනුව වරදේ බරපතලකම වෙනස් නොවන බව ද ඔහු අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව පසුගිය ආණ්ඩුව විසින් පත් කල ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ප්‍රහාරයට වගකිව යුතු අය, එම ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු අය ගැන සදහන් වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මෙහි වගකීම භාරගත යුතුයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ තොරතුරු වසන්කර ප්‍රහාරය සිදු වෙන්නට ඉඩ හැරීම අපරාධයක්. ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල  ගැටළු,  පාර්ලිමේන්තුවේ තමන්ගේම අය සම්බන්ධ කරගෙන සිද්ධිය යට ගැසීමට දරපු උත්සාහය ගැන මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. ඒක මම කවදත් ප්‍රසිද්ධියේ කිව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාව කැදවූවත් මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නීතිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි.

මේ සිද්ධියට වගකිව යුතු අය ආණ්ඩුවේ, අපේ පක්ෂයේ, සන්ධානයේ  හිටියත් වරද වරදමයි. කාදිනල්තුමා ඇතුළු කිතුනු ආගමික නායකයෝ, කිතුණු ජනතාව වගේම රටේ සමස්ථ ජනතාව යුක්තිය බලාපොරොත්තු වෙනවා.

සිද්ධියට වගකිවයුතු අය අද ආණ්ඩුවට එකතු වෙලා  හිටියා කියලා අධිකරණ ක්‍රියාදාමයට අත තියන්න ආණ්ඩුවට බැහැ. අධිකරණය ස්වාධීන ආයතනයක්. රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ පහුගිය ආණ්ඩුව වගේ දේශපාලන නායකයෝ දාගෙන දූෂණ විරෝධී කමිටු හදලා, එෆ්.සී.අයි.ඩි හදලා  දේශපාලන පලිගැනීම් කරන එක නෙවෙයි.  පාස්කු කොමිෂන් සහා වාර්තාවෙන් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ තමයි මේ පිළිබඳ පරීක්ෂණ නිවැරදිව ක්‍රියාත්මක කලේ. අදාල අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විතරක් නෙමෙයි එවකට සිටි අග්‍රාමාත්‍යවරයා, පොලීසිය විෂයභාර ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව මගේ ස්ථාවරයයි.

මෙහිදී අයවැය සම්බන්ධයෙන් විපක්ෂය කිසිදි ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක්වීම පිලිබදව ද මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කල අතර ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සදහන් කලේ වත්මන් විපක්ෂය කිසි කලෙක අයවැයට හොඳක් නොකියන බවයි.

” මහබැංකු හොරුන්ගෙන් ඒ සල්ලි පවරා ගන්න එකට විපක්ෂය කැමති වෙන්නේ නැහැ. ඒ සල්ලි ගත්තෙ පහුගිය ආණ්ඩුවේ හිටපු මන්ත්‍රිවරුන්. ඒ සල්ලි ආණ්ඩුවට පවර ගන්නවා කියනකොට ඒකට කැමති වෙන්න ඒ ගොල්ලන්ට බෑ. උපාධිධාරින් මහ පාරේ උද්ඝෝෂණ කරනවට ඒ අය කැමතියි. ඔවුන්ට ස්ථිර රැකියා ලැබෙනවාට විපක්ෂය  අකමැතියි. විපක්ෂය හැමදාමත් ආණ්ඩුව කරන හොඳ දේට හොදයි කියලා කිව්වෙ නැහැ.

මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න ක්‍රමානුකූලව විසඳෙන කොට ජනතාව සත්‍ය තේරුම් ගනියි.

අවුරුදු දෙකක කාලයක් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරා ගැනීම මොන තරම් දෙයක්ද. ඉන්දියාවේ ඉතාලියේ මිනිස්සු මැරුනේ මහ පාරේ.අපේ රටේ එවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඒ ගැන කියන්න කට අරින්න මේ විපක්ෂයට කොන්දක් නැහැ. මිනිස්සුන්ගෙ ජීවිත වලටයි අපි පළමු තැන දුන්නේ. ජීවිකාව කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනේ. ජීවිත බේරගත්ත හින්ද තමයි අද ජීවිකාව ගැන, බඩ ගැන, බඩුමිල ගැන කතා කරන්නේ.  අයවැය හරහා දේශීය නිෂ්පාදනයක් ඇති කරන්නයි අපි කටයුතු කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණත් කවදාවත් සංවර්ධන කටයුතුවල හොද පැත්තක් දැක්කෙ නැහැ. බෙන්තොට හෝටලය හදනකොට රෝහණ විජේවීර කිව්වේ ඇමෙරිකන් කාරයින්ට ඇවිල්ල ඉන්න ලොකු හමුදා කඳවුරක් හදනවා කියලා. එකේ බිත්තියක පළල අඩි 8 යි . කලු ගළෙන් හදන්නෙ.  හෝටලයක් නම් එහෙම හදන්න ඕනෙ නැහැ කියලා එදා ජවිපෙ කිව්වා. ඒ කාලේ ඉඳලම ජේවීපී එක කලේ බොරුව. අදත් කරන්නේ බොරුව.  යුගදනවි බලාගාරය හරහා රටට හොඳක් මිස නරකක් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව රටට නරකක් කරන ආණ්ඩුවක් නෙමෙයි. ”  යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

No comments

Ads Place