Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු අධ්‍යාපනඥයන්ගේ උද්ඝෝෂණයට එක් වූ ජඹුරේවෙල චන්දරතන හිමියෝ උසාවි කැඳවති!

පසුගිය 08 වැනිදා ගුරු අධ්‍යාපනඥයන් විසින් ඉසුරුපාය අභියස සිදුකළ දැවැන්ත උද්ඝෝෂණයට සිවිල් සංවිධාන නියෝජනය කරමින් සහභාගී වූ සිංහලේ මහා ජාතික ව...



පසුගිය 08 වැනිදා ගුරු අධ්‍යාපනඥයන් විසින් ඉසුරුපාය අභියස සිදුකළ දැවැන්ත උද්ඝෝෂණයට සිවිල් සංවිධාන නියෝජනය කරමින් සහභාගී වූ සිංහලේ මහා ජාතික ව්‍යාපාරයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන් ලබන 24 දා උසාවියට කැඳවා තිබේ.


විද්‍යාපීඨ 19ක, ගුරු විද්‍යාල 8ක සහ  ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112ක සේවය කරන පීඨාධිපතිවරුන් ඇතුළු සියලුම ගුරු අධ්‍යාපනඥ නිලධාරීහු   කොළඹට පැමිණ දියත්කළ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සිවිල් සංවිධාන කීපයක් ද එක් වී සිටි අතර ජඹුරේවෙල චන්දරතන හිමියන් ඉන් එක් නියෝජනයක් පමණක් විය.


ඉසුරුපාය අභියස පැවති ගුරු අධ්‍යාපනඥයන්ගේ උද්ඝෝෂණය

එහිදී ගුරු අධ්‍යාපනඥයන් විසින් මහජනයාට අවහිරවන පරිදි උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් තලංගම පොලීසිය   අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර   මහේස්ත්‍රාත්වරයා විසින් 2021.11.24වන දින    අධිකරණයේ පෙනී සිටින ලෙසට ජඹුරේවෙල චන්දරතන හිමියන්ට  සිතාසි නිකුත් කර ඇත.


ගුරු අධ්‍යාපනඥයන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළේ සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර ප්‍රකාශ කළ ආකාරයේ ගුණාත්මක ගුරු විශ්විද්‍යාලයක් පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටීම සඳහා මිස  වැටුප් වරදාන හෝ පුද්ගලික වරප්‍රසාද දිනා ගැනීමට නොවන බවත් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඒ සටන ශක්තිමත් කිරීමට එක්වූ එක් සිවිල් සංවිධානයක ප්‍රධානියෙක් පමණක් බවත්    සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ  වෘත්තීය සංගමය ප්‍රකාශ කළේය.

 

රජය විසින්ම පිළිගෙන තහවුරු කළ කාරණාවක් මුල් කරගෙන ජාතියේ අනාගතය වෙනුවෙන් දියත් කර ඇති  මෙම සාධාරණ අරගලය   වැළැක්වීම සඳහා කරනු ලබන කුමණ ආකාරයේ  මර්ධනයක් වුව ද  තම අරගලය තවත් මුවහත් කර ශක්තිමත් කරනු  ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක් ලංකසරට පැවසීය.

No comments

Ads Place