Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුරට ප්‍රජා පොලිස් ඒකක..උතුරේ තරුණයන් බදවා ගැනේ.

උතුරු පළාතේ තරුණ වැරදිකරුවන්ගේ අපරාධ නැවැත්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර ජීවන් ත්‍යාගරාජා මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නි...

උතුරු පළාතේ තරුණ වැරදිකරුවන්ගේ අපරාධ නැවැත්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර ජීවන් ත්‍යාගරාජා මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා ගේ උපදෙස් මත රැකියා විරහිත තරුණයන් නිවැරදි මඟට යොමු කිරීමේ අරමුණින් උතුරු පළාත තුළ ප්‍රජා පොලිස් විශේෂ වැඩසටහන් පෙළක් සූදානම් කර ඇත.

ප්‍රජා පොලිස් කමිටු සංකල්පය මත සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් එම තරුණයන්ට ප්‍රජා පොලිස් සේවාව හරහා නොයෙකුත් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගන්නා අතර මාස 6 ක වැඩ සටහනකින් පසුව ඔවුනට විශේෂ සහතිකය පත්‍රයක් ද පිරිනැමීමට නියමිතයි.

ඒ සදහා උතුරු පළාත තුල සිටින රැකියා විරහිත තරුණයන් තෝරා ගෙන ඔවුන්ට ඇති විශේෂ දක්ෂතාවයන් හදුනා ගෙන මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

මෙම කණ්ඩායම් තෝරා ගැනීම සඳහා යාපනය, කන්කසන්තුරෙයි, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක වල කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.

 

No comments

Ads Place