Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියානු ක්‍රමයට මුදවපු කිරි මිශ්‍ර වම්බටු කරියක්

  අවශ්‍ය වෙන්නේ දිග තීරූ කපා ගත් වම්බටු ගෙඩි කිහිපයක් (පාවිච්චියට ගන්නකම් කෑලි කපාගෙන ලුණු වතුරේ දමා තියන්න. නැත්නම් කහට පිපෙනවා) තළාගත් සුද...

 


අවශ්‍ය වෙන්නේ

දිග තීරූ කපා ගත් වම්බටු ගෙඩි කිහිපයක් (පාවිච්චියට ගන්නකම් කෑලි කපාගෙන ලුණු වතුරේ දමා තියන්න. නැත්නම් කහට පිපෙනවා)


තළාගත් සුදු ලූනු, ඉඟුරු


පේස්ට් ටිකක්


ලියාගත් අමුමිරිස්,


රතු ලූනු හෝ බී ලූනු,


තක්කාලි හා කරපිංචා


කොත්තමල්ලි කොළ ටිකක්


මුදවපු කිරි මේස හැඳි 2ක්


කඩල පිටි මේස හැඳි 2ක්


අබ, සූදුරු, මිරිස් කුඩු, ගරම් මසාලා පවුඩර්, අමු තුනපහ කුඩු, කහ සහ ස්වල්පය බැගින් (ඔබේ රස අනුව තුනපහ වර්ග එකතු කරන්න පුළුවන්)


ලුණු ඔබේ රස පදමට


 


හදන්නේ මෙහෙමයි


 


මුලින්ම වම්බ්ටු කැබලි ටික ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගෙන තෙල් බේරෙන්න තියන්න.


දැන් භාජනයක් ළිප තබා තෙල් ටිකක් දමා රත්කර අබ හා සූදුරු ටිකක් දාන්න. එයටම සුදු ලූනු, ඉඟුරු පේස්ට් හා ලියාගත් සියලුම දේවල් දමා තෙම්පරාදු කරන්න.


දැන් එයට කඩල පිටි ටික එකතුකර තුනපහ වර්ග හා පදමට ලුණු එකතුකර හැන්දෙන් එහා මෙහා කරමින් කඩල පිටිවලින් සුවඳක් එනකම් අඩු ගින්දරේ තියන්න.


ටික වේලාවකින් මුදවපු කිරි ටිකට වතුර මේස හැඳි 2ක් පමණ එකතුකර හැන්දකින් හොඳින් ගසාගෙන ළිපේ තියෙන මිශ්‍රණයට එකතුකර කැටි නොගැසෙන සේ හැන්දකින් කලවම් කරමින් හොද්ද උකු වෙනතුරු අඩු ගින්දරේ පිස ගන්න. රස බලා අවශ්‍ය නම් ලුණු එකතු කරන්න.


හොද්ද උතුරනකොටම බැද තෙල් බේරාගත් වම්බටු ටික එකතුකර හැන්දෙන් මිශ්‍ර කර ළිප ඕෆ් කරන්න. බාන්නට පෙර කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාන්න.


මෙය බත්, පරාටා හෝ චපාති එක්ක රස විඳින්න පුළුවන් කෑමක්.

tharunee

No comments

Ads Place