Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රීලනිප රූස්ස ගහ දෙකට කැපුවත් කඳ යළි ලියලනවා

  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නමැති රූස්ස ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියනලූ ඇතැයි හිටපු ජනාධිපති චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ම...

 


ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නමැති රූස්ස ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත්ව ලියනලූ ඇතැයි හිටපු ජනාධිපති චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම පක්‍ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය.


සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශයක් කරමින් කුමාරතුංග මහත්මිය රූස්ස ගස බිහි වනදා තමා ජීවතුන් අතර සිටී දැයි නොදන්නා නමුත් ලියලාගෙන එන රූස්ස ගසට ශක්තියක් දීමට අවශ්‍ය තරුණ පරපුරක් හදන්නට තමන් උරදෙන බව ද ප‍්‍රකාශ කළාය.


පක්‍ෂය සම්පූර්ණයෙන් විනාශ කරන්නට බැරි බවත් ශක්තිමත් පදනමක්, නිර්මල දර්ශනයක් තිබෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් කීපදෙනෙක්ගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් ඇති පක්‍ෂය විනාශ කරන්න බැරි බවත් කුමාරතුංග මහත්මිය කියා සිටියාය.

devaina

No comments

Ads Place