Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දූෂිතම ජලය කැලණි ගඟේ!

  මෙරට ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව වන්නේ කැලණි ගඟ බවත්, කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාන 797කුත්, ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577කු...

 


මෙරට ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව වන්නේ කැලණි ගඟ බවත්, කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාන 797කුත්, ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577කුත් ඇතුළත්ව ස්ථාන 1374කුත් මඟින් කැලණි ගඟට දුෂිත අපද්‍රව්‍ය එක්රැස් වන බවත් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව කැලණි ගඟ දූෂණය වන ස්ථාන හඳුනා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයේදී හෙළිදරව් කර ගෙන තිබේ.


මේ කරුණු සැලකිල්ලට ගෙන, පරිසර අමාත්‍යාංශය ආරම්භ කර තිබෙන සුරකිමු ගංගා වැඩ සටහන යටතේ කැලණි ගඟ සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සුරකිමු ගංගා ව්‍යාපෘතියේ ජාතික කමිටුවට ඊයේ (2) උපදෙස් දී ඇත. සුරකිමු ගංගා වැඩපිළිවෙළ යටතේ 103ක් වූ මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සිදු කෙරෙන අතර, මේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පහ හා කොළඹ පළාත්පාලන ආයතන 12ක නියෝජිතයන් සමඟ කැලණි ගඟ සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ ඇමැතිවරයා ඊයේ (2)පුළුල් ලෙස සාකච්ඡා කළේය. එහිදී අනාවරණය වූයේ සුරකිමු ගංගා වැඩ සටහන යටතේ කළ සමීක්ෂණයක් අනුව සමස්ත ගංගා පද්ධතිය අපවිත්‍ර කරන ස්ථාන 10,733ක් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය කළ සමීක්ෂණයකින් හඳුනාගෙන තිබෙන බවයි.

noizetv

No comments

Ads Place