Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්‍යවශ්‍යම කරුණකට හැර ගෙයින් එළියට බහින්න එපා – ඉදිරි දෙසතිය තීරණාත්මක බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි!

තීරණාත්මක විය හැකි නිසා අත්‍යවශ්‍ය කරුණකට හැර එළියට නොගොස් හැකි තාක් නිවෙස්වලටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි. කොවිඩ් මර්දන ස...


තීරණාත්මක විය හැකි නිසා අත්‍යවශ්‍ය කරුණකට හැර එළියට නොගොස් හැකි තාක් නිවෙස්වලටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.


කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව කටයුතු කළහොත් රටේ තත්ත්වය තීරණාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.


මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 5111ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් කොවිඩ් මරණයන්ට වැඩිපුර ගොදුරු වීම සිදු වන බවත් මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට වැඩිහිටියන් අනිවාර්යයෙන්ම යොමු විය යුතු බවත් හෙතෙම පැවසීය.


ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ පැයක් තුළදී මෙරට සිදු වන මරණ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ද වාර්තා වේ.


ඉදිරි සති දෙකක කාලය තුළදී මෙරටින් වාර්තා විය හැකි කොවිඩ් මරණ සංඛ්‍යාව 2000කින් ඉහළ යා හැකි බව අමෙරිකානු වොෂින්ටන් සරසවිය නිකුත් කළ නවතම දත්ත විශ්ලේෂණයක දැක් වේ.


දෙසැම්බර් මස 01 වැනිදා වන විට මෙරට මරණ සංඛ්‍යාව 12,000ක් වනු ඇතැයි ද, එය උපරිමය 23,000ක් දක්වා ඉහළ යා හැකි යැයි ද එම විශ්ලේෂණයේ සඳහන් ය.


වයස අවුරුදු 30ට වැඩි මෙතෙක් එන්නත්කරණයට ලක් නොවූ අයකු වේ නම් එන්නත ලබා ගැනීමට තවත් ප්‍රමාද නොවන ලෙස ද ඒ මහතා දැනුම් දුන්නේය.


එන්නත ලබා ගැනීම සඳහා පැමිණීමට නොහැකි අයකු වේ නම් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කළ යුතු බවත් එසේ සිදු කිරීමෙන් පසුව නිවසට පැමිණ එන්නත දීම සිදු කරන බවත් ඒ මහතා කීය.


කොවිඩ්-19 ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට හඳුනා ගතහොත් දින 3ත් 5ත් අතර කාලය තුළදී පී.සී.ආර්. හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් හෝ සිදු කර ගන්නා ලෙස ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර තිබේ.


මීට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක් විය යුතු කාල සීමාව ලෙස දක්වා තිබුණේ දින 5ත් 7ත් අතර කාලයක් වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් පී.සී.ආර්. පරීක්ෂණයක් ද, රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් ද සිදු කිරීම වැදගත් යැයි එහි ඇතුළත් ය.


දරුවන් අතර කොවිඩ් – 19 වයිරසය ව්‍යාප්ත වීම ඉහළ යෑමත් සමඟ බහු ඉන්ද්‍රීය රෝග ඇතුළු සංකූලතා වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බවට ද වාර්තා වේ.


කොවිඩ් ආසාදිත දරුවන් 150ක් පමණ ඊයේ (08) වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු 4ක සහ බොරැල්ල ආයුර්වේද රෝහලේ වෙන් කළ වාට්ටුවක් ඇතුළු වාට්ටු 5කින් දරුවන්ට ප්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වේ.


කොවිඩ් ආසාදිත දරුවන් තවදුරටත් වැඩි වුවහොත් සමස්ත ළමා රෝහල් පද්ධතියම කඩා වැටීමේ අර්බුදයක් මතු වනු ඇතැයි ද, දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය දැඩි සත්කාර ඇඳන් සහ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යනු ඇතැයි ද ඒ මහතා කීය.


කිසියම් දරුවකුට තද උණ ගතිය, වමනය, කෑම අරුචිය පවතින්නේ නම් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර දරුවන්ට වයිරසය ආසාදනය වීම සිදු වනුයේ වැඩිහිටියන්ගෙන් වන බවත් වැඩිහිටියන් නිවෙස් වෙත යාමේදී වයිරසය රැගෙන නොයාමට පියවර ගත යුතු බවත් වෛද්‍ය විශේෂඥ මතයයි.

noizetv

No comments

Ads Place