Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීමට අවධානය!

  ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සංචාරක අමාත්‍...

 


ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව විදෙස් සංචාරයක නිරතව සිට අද (08) පෙරවරුවේ මෙරටට පැමිණි අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරින් සමඟ පැවැති සාකච්ඡාවක දී සදහන් කර ඇත.


අවුරුදු 12ත් 18ත් අතර වයසේ පසුවන පාසල් දරුවන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ලක්ෂ 3ක පමණ පිරිසක් සිටින අතර දිස්ත්‍රික්කයේ අවුරුදු 30 වැඩි පුද්ගලයින් ලක්ෂ 05ක් සහ අවුරුදු 18ට වැඩි  පුද්ගලයින් ලක්ෂ 3ක පමණ ප්‍රමාණයක් තවමත් කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන නොමැති බව මෙහිදී අනාවරණය වී තිබේ.


ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් තුළ කොවිඩ් මළ සිරුර ගොඩගැසී ඇති බවට පළ වූ පුවත් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බව සංචාරක අමාත්‍යාංශය පැවසුවේය.

noizetv

No comments

Ads Place