Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇලිසන් පදක්කම් 11ක් දිනා ඉතිහාසයට එක් වෙයි!

  අමෙරිකාවේ ඇලිසන් ෆීලික්ස් සිය 11 වැනි ඔලිම්පික් පදක්කම දිනාගෙන අමෙරිකානු ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනාගත් දක්ෂතමයා බවට පත් වූවාය. 19...

 


අමෙරිකාවේ ඇලිසන් ෆීලික්ස් සිය 11 වැනි ඔලිම්පික් පදක්කම දිනාගෙන අමෙරිකානු ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනාගත් දක්ෂතමයා බවට පත් වූවාය. 1984 සිට 1996 දක්වා කාලය අතරතුර ඔලිම්පික් පදක්කම් 10ක් දිනා කෙටි දුර ධාවන ශූර කාල් ලුවිස් තබා තිබූ වාර්තාව ඇලිසන් ෆීලික්ස් ඊයේ බිඳ දැමුවාය. ඇය ටෝකියෝ ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට දායක වූ අතර, දින කිහිපයකට පෙර මීටර් 400 ලෝකඩ පදක්කම දිනා ගත්තාය.


ඇය 2004 ඇතැන්ස් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කමක්, 2008 බීජිං උලෙළේදී රන් පදක්කමක් හා රිදී පදක්මක්, 2012 ලන්ඩන් උලෙළේදී රන් පදක්කම් 3ක් හා රියෝ ඔලිම්පික් උලෙළේදී රන් පදක්කම් 2ක් හා රිදී පදක්කමක් දිනා ගෙන තිබිණි.


කාන්තා මීටර් 100 සහාය දිවීමේ ඉසව්ව මිනිත්තු 3:16.85කින් අමෙරිකාව දිනාගත් අතර, ඒ සඳහා සිඩ්නි මැක්ලග්ලින්, දලීලා මුහමද් හා ඇතින්ග් මූ යන ක්‍රීඩිකාවෝ එක් වූහ. කාන්තා මීටර් 100 සහාය දිවීමේ රිදී පදක්කම මිනිත්තු 3:20.53කින් නෙදර්ලන්තය හා ලෝකඩ පදක්කම මිනිත්තු 3:21.24කින් ජැමෙයිකාව දිනා ගත්හ.


මේ අතර, පිරිමි මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද මිනිත්තු 2:55.70කින් අමෙරිකාව දිනා ගත්තේය. එහි රිදී පදක්කම මිනිත්තු 2:57.18කින් නෙදර්ලන්තය හා ලෝකඩ පදක්කම මිනිත්තු 2:57.27කින් බොට්ස්වානා දිනා ගත්හ.

noizetv

No comments

Ads Place