Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු විදුහල්පති විරෝධතා පා ගමන අතරමග නවතා දමති.. ගුරු විදුහල්පති විරෝධතා පා ගමන අතරමග නවතා දමති.. ඇතුලේ දැඩි මතබේද..

  ගුරු විදුහල්පති වෘත්තීය සංගම් විසින් සංවිධානය කර මහනුවර සිට කොළඹ බලා ගමන් ආරම්භ කර තිබූ විරෝධතා පා ගමන නවතා දමා තිබේ. පස්යාල ප්‍රදේශයේදී ම...


 ගුරු විදුහල්පති වෘත්තීය සංගම් විසින් සංවිධානය කර මහනුවර සිට කොළඹ බලා ගමන් ආරම්භ කර තිබූ විරෝධතා පා ගමන නවතා දමා තිබේ.

පස්යාල ප්‍රදේශයේදී මෙම විරෝධතා පෙළපාලිය නවතා දමා ඇත්තේ පවතින කොරෝනා තත්වය ගැන සැලකිල්ලට ගනිමිනි.

එම පා ගමන සදුදා දිනයේ කොළඹට පැමිණ විරෝධතාවක් පැවැත්වීමටත් සංවිධානය කර තිබිණි.

වසර විසිතුනක් තිස්සේ පැවති තම වැටුප් විෂමතාව ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පා ගමන ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ආරම්භ කරනු ලැබීය.

කොරෝනා ව්‍යාප්තිය මැද විරෝධතාවය පැවැත්වීම සම්බන්දයෙන් ගුරු විදුහල්පතිවරුන් අතර දැඩි මතබේදාත්මක තත්වයක් ඇති වී තිබූ බවත් පා ගමන හා එක්වීමට පිරිස් සොයා ගැනීමද අපහසු වී තිබූ බවත් වාර්තා වෙයි.

lankacnews

No comments

Ads Place