Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Army Commanders league ශුරතාවය Northern Warriors කණ්ඩායමට

ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති Army Commanders league විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාවට පත්වුණේ සීක්කුග...


ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති Army Commanders league විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාවට පත්වුණේ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමින්.


ඒ, අවසන් මහා තරගයේදී තිසර පෙරේරා නායකත්වය දරන Western Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 64ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින්. දොඹගොඩ යුධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් Western Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Northern Warriors කණ්ඩායමට ආරාධනා කළා.


ඒ අනුව පිටියට පිවිසී භදරඑයැරබ උ්රරසදරි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 142ක්. ශෙහාන් ප්‍රනාන්දු හතරේ පහරවල් 4 ක් සමගින් පන්දු 34 කදී නොදැවී ලකුණු 39 ක් රැස්කළා.


පැතුම් කුමාර පන්දු 32 කදී නොදැවී ලකුණු 35 යි. අශාන් රන්දික ලකුණු 23(17) ක් ලබා ගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණූ 15 සීමාවට ළගා නොවූ අතර, නායක සීක්කුගේ ප්‍රසන්න ලකුණු 4 කටත්, මිලින්ද සිරිවර්ධන ලකුනු 2 කටත් දැවී ගියා.


අශාන් ප්‍රියන්ජන් ලකුණු 9යි. පන්දු යැවීමේදී කඩුලු 3 ක් නුවන් ප්‍රදීප් විසින් බිඳ හෙලූ අතර මහීෂ් තීක්ෂණ, ෂෙහාද සොයිසා සහ යශෝද මෙන්ඩිස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.


Western Warriors කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 16 අවසානයේ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 78 ක් පමණයි. නායකත්වයේ ඉනිමක් දියත් කිරිමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා ලකුණු 21කට දැවී ගියා. ඒ අනුව Western Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 64 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායම මෙවර Army Commanders league ශූරතාවය දිනා ගනු ලැබුවා.

No comments

Ads Place