Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කර්මාන්ත ශාලා හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

  වයස 18 - 30 අතර සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි කර්මාන්ත ශාලා හිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති. එම පියවර ගතහොත් සිය කර්මාන්ත...

 


වයස 18 - 30 අතර සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි කර්මාන්ත ශාලා හිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති.


එම පියවර ගතහොත් සිය කර්මාන්ත ශාලා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එය ලොකු පිටුබලයක් වනු ඇතැයිද ඔවුහු ප්‍රකාශ කරති.


රටපුරා ඇඟලුම් ආයතන ඇතුළු කර්මාන්තශාලා බොහොමයක සේවක සේවිකාවන්ගෙන් බහුතරයක් වයස 18-30 අතර අය බව කියති.


මේ අතර එම වයස් කාණ්ඩවල විශාල පිරිසක් කොවිඩ් ආසාදනයවී සිටින බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ සම්බන්ධයෙන් අප කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම වයස් කාණ්ඩවල පිරිස් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.


වයස 30ට වැඩි පිරිස් වලට එන්නත ලබාදී අවසන් කිරීමට මේදිනවල කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.


වයස 30ට වැඩි ජනගහනයෙන් සියයට 55 කට පමණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

lankadeepa

No comments

Ads Place