Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රදේශ රැසකට අද තද වැසි

  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා...

 


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වයඹ පළාතේත් විටින් විට වැසි ඇතිවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.


ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා කීවේය.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.


ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

lankadeepa

No comments

Ads Place