Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෑම පැයකම කොරෝනා මරණ 4ක් සිදුවීමේ සම්භාවිතාවක්

පැයක් තුළ මෙරට පුද්ගලයින් සිව් දෙනෙකු පමණ කොරෝනා වෛරසය හේතුවෙන් මියයාමේ සම්භාවිතාවක් මේවනවිට මතුව තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 94 ක...


පැයක් තුළ මෙරට පුද්ගලයින් සිව් දෙනෙකු පමණ කොරෝනා වෛරසය හේතුවෙන් මියයාමේ සම්භාවිතාවක් මේවනවිට මතුව තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 94 ක් තහවුරු කිරීමත් සමගයි.


මෙම මරණ පෙරේදා දිනයේ සිදුවූ මරණ වනවා. තහවුරු කළ මරණ 94 ගත් කළ සෑම පැයකදීම පුද්ගලයින් මියයාමේ සම්භාවිතාව 3.92 ක්. ඒ අනුව ගතවූ දින 03 දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 250 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මේ අතර ගතවූ පැය 24 තුලද මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,669 දෙනෙකු වාර්තා වී ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසෙුවේ. 

nethnews

No comments

Ads Place