Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් මර්ධන එන්නත ගන්න IDH රෝහලට පැමිණි පිරිසකට එන්නත් නැහැ

කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා අයි ඩී එච් රෝහලට පෙරේදා පැමිණි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බොහෝ දෙනෙකු එන්නත් නොලබා පි...


කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා අයි ඩී එච් රෝහලට පෙරේදා පැමිණි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බොහෝ දෙනෙකු එන්නත් නොලබා පිටව ගොස් තිබෙනවා. බොහෝ පුද්ගලයින් චෝදනා කළේ එන්නත ලබාගැනීම සඳහා උදෑසනින්ම රෝහලට පැමිණියත් එන්නත්කරණය සඳහා ප්‍රමාණවත් මාත්‍රා ලැබී නොමැති බව රෝහලෙන් පැවසූ බවයි.


කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සඳහා අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අයි ඩී එච් රෝහලට පැමිණෙන ලෙස පූර්ව දැනුම් දීමක් සිදුකළත් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ දිනයේදී අයි ඩී එච් රෝහලට එවා ඇත්තේ එන්නත් මාත්‍රා 500 ක් පමණයි.


ඒ අනුව ඊයේ උදෑසන 08 යි 30 සිට දහවල් 12 දක්වා පමණක් අයි ඩී එච් රෝහලේදී එන්නත්කරණ වැඩසටහන සිදුකර තිබෙනවා. එහෙත්, මාත්‍රා ලබාගැනීම සඳහා 2000 ක පමණ පිරිසක් අයි ඩී එච් රෝහල වෙත ඊයේ පැමිණ තිබුණා. 


මේ අතර කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මෙතෙක් අයි ඩී එච් රෝහලට ලැබී නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

nethnews

No comments

Ads Place