Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකා සීනි සමාගමෙන් අද සිට රු. 125ට සීනි දෙයි

  ලංකා සීනි සමාගම මගින් සිට අද (30 දා) සිට සීනි කිලෝ එකක් රුපියල් 125 ට නිකුත් කිරීමට තීරණය කළ බව අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කු...

 


ලංකා සීනි සමාගම මගින් සිට අද (30 දා) සිට සීනි කිලෝ එකක් රුපියල් 125 ට නිකුත් කිරීමට තීරණය කළ බව අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප‍්‍රකාශ කරයි.


වෙළෙ`දපොළේ සීනි මිල ශීඝ‍්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මේ වනවිට වෙළෙඳපොළේ රු. 200ත් 220ත් වැනි මිලකට සීනි කිලෝවක් අලෙවි වේ. ඒ අනුව ලංකා සීනි සමාගමට අයත් සෙවනගල හා පැල්වත්ත යන සීනි කර්මාන්ත ශාලා මගින් ලංකා සතොස සහ දිවයින පුරා පිහිටි සමූපකාර සහ බජට් ෂොප් සඳහා ඇති තරම් සීනි ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.


ඒ අනුව සතොස මගින් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 කට ලබාගත හැකි බවත්, දුර ප‍්‍රමාණය අනුව ඊට ආසන්න මුදලකට සමූපකාර මගින් ඉදිරි දින කිහිපයේදී දුඹුරු සීනි ලබාගත හැකි බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.


ලංකාවේ සියලූ සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය රටේ සීනි අවශ්‍යතාවෙන් 20% ක් පමණක් බවත් ඒ අනුව ඉදිරියේදී ලංකා සීනි සමාගම මැදිහත් වී සුදු සහ දුඹුරු සීනි ආනයනය කිරීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. සීනි ආනයනයෙන් පසුව රු. 130 ටත් වඩා අඩුවෙන් ජනතාව වෙත සීනි ලබාදිය හැකි බවත් මේ සියල්ල රාජ්‍ය යාන්ත‍්‍රණය මැදිහත්වී සිදුකරන බවත් හෙතෙම සඳහන් කරයි. මෙහිදී සමූපකාර නොමැති ප‍්‍රදේශවලට යම්කිසි අපහසුතාවක් සිදුවිය හැකි බව පවසන අමාත්‍යවරයා ඒ සඳහා ඉදිරියේදී නිසි වැඩපිළිවෙළක් සකස්කරන බවද කියයි.


රටේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සීනි මිල වැඩිකර අසීමිත ලාභයක් ලබන බවත් එම නිසා සෘජුවම රජය මැදිහත්වී මේ තත්ත්වය පාලනය කරන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කළේය.

devaina

No comments

Ads Place